
(කාංචන කුමාර ආරියදාස)
කුඹුරු ඉඩමක් ගොඩකිරීම සඳහා රුපියල් 50,000 ක අල්ලස් මුදලක් ලබා ගැනීමට උත්සාහ කළ නාගරික සංවර්ධන අධිකාරියේ දඹුල්ල කාර්යාලයේ සැලසුම් නිලධාරීවරයා අද (18) දහවල් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
ගලේවෙල වාසලකෝට්ටේ ප්‍රාදේශයේ පදිංචිකරුවෙකු ගෙන් මෙම නිලධාරියා රුපියල් 50,000 ක අල්ලස් මුදලක් ඉඩම ගොඩකිරීම සඳහා ඉල්ලා ඇති අතර එම පුද්ගලයා අල්ලස් කොමිසමේ නිලධාරීන් වෙත පැමිණිලි කිරීමෙන් පසුව නිලධාරි කණ්ඩායමක් දඹුල්ල කාර්යාලයට ගොස් මුදල ලබා දෙන අවස්ථාවේ අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම නිලධාරියා අත්අඩංගුවට ගැනීමත් සමඟ එම කාර්යාලයේ සේවක සේවිකාවන් දැඩි ලෙස නොසන්සුන්කාරී ලෙස හැසිරෙන්නට වී තිබේ.
මෙම ගොඩනැගිල්ලේ ම දඹුල්ල මහ නගර සභාව ඉඩම් කාර්යාලය නාගරික සංවර්ධන අධිකාරිය යන කාර්යාල තුනම පවත්වාගෙන යන අතර එම සෑම අංශයකම නිලධාරීන් පැමිණ දැඩි නොසන්සුන් ආකාරයෙන් හැසිරෙන අයුරු දැක ගැනීමට හැකිවිය.
මෙහිදී අල්ලස් කොමිසමේ නිලධාරින් කියා සිටියේ තමන්ගේ රාජකාරියට බාධා නොකරන ලෙසත් මුදල් ලබාගනිද්දී මේ වැටලීම කළ බවයි .
මෙසේ සැකපිට අත්අඩංගුවට ගත් නාගරික සංවර්ධන අධිකාරියේ දඹුල්ල සැලසුම් නිලධාරීවරයා ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කරන බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන නිලධාරීහු පවසති .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෙසු නිලධාරිනුත් කලබල වුණා කියන්නේ ඒ අයත් ඔහොම වැඩ කරනවා ඇති...
ගෙයක් දොරක් හදා ගැනීමේදී මේ නිලධාරින්ගේ පැත්තෙන් තිබෙන්නේ පුදුමාකාර කරදරයක්.. ඔවුන්ට අල්ලස් නුදුන්නොත් හෝ ඔවුන්ගෙන් නිවසේ සැලැස්ම හදා නොගතහොත් වැඩේ නම් ආයේ කෙරෙන්නේ නෑ. ඒ නිසා රටේ බොහෝ තැන්වල ඔවුන්ට අල්ලස ලබාදී වැඩේ කරගැනීමයි දැනට සිදුවෙන්නේ...