IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


දඹුල්ලේ එළවළු ගලේවෙල දී විකුණයි

(කාංචන කුමාර ආරියදාස)

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය හුදෙකලා ප්‍රදේශයක් බවට ප්‍රකාශ කිරීම නිසා ඇතැම් ගොවීන් සහ ඇතැම් ව්‍යාපාරික කණ්ඩායම් දඹුල්ල - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල පොලිස් බල ප්‍රදේශයේ ස්ථාන කිහිපයක එළවළු අලෙවි කරන අයුරු අප කැමරාවේ සටහන් වූයේ මේ ආකාරයෙනි.

ගොවීන් කියා සිටියේ දින එකක් දෙකක් ඇතුළත නෙළීමට අවශ්‍ය එළවළු වර්ග දීන ගණනාවක් වගා බිමේ තබා ගැනීමට නොහැකි නිසා ඒවා කඩිනමින් අලෙවි විය යුතු නිසා තම අස්වැන්න නෙළාගෙන ප්‍රධාන මාර්ගය දෙපස තමා අලෙවි කිරීමට ක්‍රියා කරන බවය.

දඹුල්ල පොලිස් බල ප්‍රදේශයේ කිසිදු ස්ථානයක එළවළු අලෙවි කිරීම්ට අවස්ථාවක් ලබා නොදීම පියවර ගෙන තිබිණි

දඹුල්ල ප්‍රදේශයේ එළවළු අලෙවි කිරීම්ට නොහැකි වූ නිසා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ඇතැම් වෙළෙන්දන් තම ගොවීන් සහ එළවළු මිල දී ගැනීම් සඳහා පැමිණි පුද්ගලයින් දුරකථන හරහා සම්බන්ද කරගෙන දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල ප්‍රදේශයේ ස්ථාන කිහිපයක මේ ආකාරයෙන් තම එළවළු වෙළඳාම කර ඇත.



අදහස් (0)

දඹුල්ලේ එළවළු ගලේවෙල දී විකුණයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 257 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1053 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site