( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කර එම තනතුරු සඳහා මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීමට ජනාධිපතිවරයා ඉකුත්දා ගත් තීරණය නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ලබන මස 7 වැනිදා සළකා බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
පූජ්‍ය දඹර අමිල හිමියන් සහ හිටපු ජනාධිපති සම්බන්ධීකරණ නිලධාරියකු වන ඕෂල හේරත් යන අය විසින් අදාළ පෙත්සම් ඉදිරිපත් කර තිබිණි.
පෙත්සම් අද (7) ප්‍රසන්න ජයවර්ධන සහ එල්.ටී.බී. දෙහිදෙණිය යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ ලැබීය.
එදිනට වගඋත්තරකාර පාර්ශ්ව වෙත නොතිසි ලබාදෙන මෙන් ද නියම කළේය.
පෙත්සම්කරුවන් කියා සිටින්නේ ඉකුත් ඔක්තෝබර් මස 26 වනදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කර එම තනතුර සඳහා මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය උල්ලංඝණය වන බවයි.
ඒ අනුව ජනාධිපතිවරයා ආණ්ඩුකම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය උල්ලංඝණය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන මෙන් ද පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් ඉල්ලා සිටිති.
2025 දෙසැම්බර් මස 30
97
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
738
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
363
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
දඹර අමිල හිමි - ඕෂල හේරත්ගේ පෙත්සම් 7 වැනිදා
ravi Monday, 07 January 2019 08:28 AM
මාසික දීමනාව ,95.000 ගැනත් මෙතනදීම කතා බහ කරගත්තනම් හොඳයි නේද ..
Sanath Kandy Monday, 07 January 2019 09:13 AM
දැන් මේ අවුල විසඳිලා තියෙන නිසා මේ පෙත්සම් ඉල්ලා අස්කර ගැනීම තමායි වඩා සුදුසු... ජනාධිපතිවරයාට එසේ කළ හැකි යැයි අධිකරණය තීන්දු කළොත් මෙයා අායෙත් වතාවක් රට අවුල් කරන්න ඉඩ තියෙනවා.
Bamunuarachchi Monday, 07 January 2019 12:32 PM
චීවරය ඉවත් කිරීම 2020 දී වෙනවා.