IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


දොඹකරයක් කළ කලබලයක්

(ඩී.ජී.සුගතපාල)
 
ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ 7වන මහලේ සවිකිරීමට ගෙනෙන ලද වායු සමීකරණ යන්ත්‍රයක් ඔසවමින් තිබූ දොඹකර යන්ත්‍රයක් ක්‍රියාවිරහිත වීම නිසා අද(26) උදෑසන සිට දහවල් වනතුරු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහ අවට දැඩි කලබලකාරි තත්වයක් පැවතිණි.
 
දොඹකරය ක්‍රියාවිරහිතවීම හේතුවෙන් වායු සමීකරණ යන්ත්‍රය එම මහලේ සඳලු තලය මත කඩා වැටී ඇත.
 
ඉහළට ඔසවන ලද දොඹකරය පහත බෑමට නොහැකිවීම හේතුවෙන් එය කොයි මොහොතේ හෝ කඩා වැටේ යයි බියට පත්වු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සියලුම කාර්ය මණ්ඩලය එයින් ඉවත්වූහ.
 
මේ හේතුවෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට මහා මාර්ගයේ  දැඩි වාහන තදබදයක්ද ඇති විය.
 
පසුව දොඹකරය අයත් සමාගම විසින් වෙනත් දොඹකරයක් ගෙනැවිත් එහි ආධාරයෙන් ක්‍රියා විරහිතවූ දොඹකරය පහළට බෑමට කටයුතු කළේය.



අදහස් (0)

දොඹකරයක් කළ කලබලයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 532 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site