IMG-LOGO

2025 ඔක්තෝබර් මස 20 වන සඳුදා


‘දෙමළ සන්ධාන යෝජනා වලට කිසිම අපේක්ෂකයෙක්ට එකඟ වෙන්න බෑ’

(ඩයනා උදයංගනී)

         

දෙමළ ජාතික සන්ධානය ඉදිරිපත් කර ඇති යෝජනා සඳහා රටේ ව්‍යවස්ථාවට ගරු කරන කිසිවෙකුටත් එකඟ විය නොහැකි බැවින් කිසිඳු ජනාධිපති අපේක්‍ෂකයකුට එය පිළිගත නොහැකි බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිලංග සුමතිපාල මහතා පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා එම යෝජනා ප‍්‍රතික්ෂේප කර ඇති නමුත් සජිත් ප්‍රේමදාස මහතා ඒ සම්බන්ධයෙන් කිසිඳු අදහසක් දක්වා නැතැයිද තිලංග සුමතිපාල සඳහන් කළේය.

යළිත් ජාතිවාදය අවුස්සා ඉදිරි මහ මැතිවරණයක දී වාසි ලබා ගැනීමත්, ගෝඨාභය රාජපක්‍ෂ මහතා පරාජය කිරීමත් දෙමළ ජාතික සන්ධානයේ අරමුණ වී ඇතැයි කී තිලංග සුමතිපාල මහතා මෙවර උතුරේ ජනතාව ඔවුන්ට නොරැවටෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද කීවේය.

සුමතිපාල මහතා මේ බව පැවසුවේ පුංචි බොරැල්ලේ පිහිටි පරිවර්තන කේන්ද්‍රයේ දී අද (18) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.



අදහස් (14)

‘දෙමළ සන්ධාන යෝජනා වලට කිසිම අපේක්ෂකයෙක්ට එකඟ වෙන්න බෑ’

saali Friday, 18 October 2019 12:23 PM

මෙයා කියනවා නම් දෙසැරයක් හිතන්න ඕන නැහැ. හරියට හරි.

:       158       167

Hafeel Friday, 18 October 2019 12:28 PM

ඒ වගේම ක්‍රිකට් ආයතනයටත් ඔයා නැවත එන එකටත් එකඟ වෙන්න බෑ.

:       111       252

sirimal Friday, 18 October 2019 12:36 PM

තොන්ඩමන්ගෙයි හිස්බුල්ලගෙයි යෝජනා වලට එකඟ වෙන්න පුළුවන් එහෙනම් ? ඒ දෙන්න දැන් ජාතික විරයෝනේ. එහෙමද ?

:       573       537

kamal Friday, 18 October 2019 01:08 PM

එයාල එන්නේ නැති හින්දා මෙහෙම කියනවා.... අපි නොදන්නා කිබුලෝ කොරහහේ ..

:       228       202

Prasad Friday, 18 October 2019 02:28 PM

අනේ මන්දා ඔය රට බෙදන කතා ෆෙඩරල් කියන වචන අපි හැමදාම අහනව ඡන්දයක් ලං වෙද්දි. ඒත් බෙදපු රටක්නම් නැත

:       90       94

Mahee Friday, 18 October 2019 02:35 PM

අපේ අත් දැකීම නම් ඔය කිසිම පක්ෂ නායකයෙක් තමන් ගහන හොර ගිවිසුම් මෙතෙක් කිසිම දවසක එලි කර නැති බවයි. දැනුත් මොකක්ද තියෙන සහතිකේ එහෙම එකක් නැති බවට?

:       0       32

Bandara Friday, 18 October 2019 04:42 PM

ඇයි අනේ එජාපය එකඟ වෙයි.

:       0       23

Priyankara Friday, 18 October 2019 05:39 PM

එතකොට පිල්ලෙයාන්ගෙ, හිස්බුල්ලගෙ යෝජනා හොද ඇති.

:       39       3

පිටිගල මිලානෝ Saturday, 19 October 2019 12:00 AM

සියලු රේස් බුකී වසා දැමිය යුතුයි.

:       0       24

Chanak los angeles Saturday, 19 October 2019 01:14 AM

අශ්වයන් පෙන්වලා මිනිසුන්ගේ සල්ලි සුද්ද කරන සූදුකාරයන් කියන දේවල් නොඅසන්න. කරුමෙකටද කොහෙද අපේ රටේ සුදුවේ මාර්ගයෙන් ධනපතියන් වෙන අයට බෞද්ධ මහා සම්මේලනවල සභාපතිලා වෙන්න පුළුවනි. ඒ වගේම ඔවුන් රටේ දේශමාන්‍ය පට්ටමුත් ලබනවා. සූදුව කරවනවා කියන්නේ මිනිසුන්ගේ මුදල් ප්‍රෝඩාවෙන් මංකොල්ල කනවා කියන එකයි. එහෙනම් මේ මුළු පව්ලම හොරුන් නොවේද?

:       113       76

Don Saturday, 19 October 2019 04:03 AM

එයා මට කැමති නැත්නම් එයාට වෙන කෙනෙක් එක්ක යාලු වෙන්න මං ඉඩ දෙන්නේ නෑ..

:       122       101

Kumara Saturday, 19 October 2019 10:36 AM

රටේ මිනිස්සු දන්නේ නෑ. තේරෙන්නේ නැහැ.

:       0       2

lankawe api Saturday, 19 October 2019 12:24 PM

හරක් ඉන්න රටක සිංහයෙක් රජවෙන්නේ නැහැ..!

:       0       3

Raveendra Sunday, 20 October 2019 09:07 AM

කියපු කතාව නම් ඇත්ත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1060 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1088 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 419 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site