(වන්නි රොමේෂ් මධුෂංඛ)
වර්තමානයේ රටේ පවතින අයහපත් වාතාවරණය හේතුවෙන් උතුරේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් යුද හමුදාව අවශ්‍ය යැයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා පෙරේදා (01) පැවැසීය.
මන්ත්‍රීවරයා මෙසේ පැවැසුවේ මැයි දිනය වෙනුවෙන් කිලිනොච්චිය පච්චිලිප්පලෙයි ප්‍රදේශයේ පෙරේදා පැවැති ඉලංගෙයි තමිල් අරුසුකච්චි පක්‍ෂයේ රැස්වීමක් අමතමිනි.
ඉලංගෙයි තමිල් අරුසුකච්චි පක්ෂය දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධානම පක්ෂය වන අතර මීට පෙරදී උතුරට යුද හමුදාව අනවශ්‍ය බව කියූ දෙමළ ජාතික සන්ධානය මාවෙයි සේනාධිරාජා මහතා මෙවැනි ප්‍රකාශයක් කීම විශේෂත්වයකි.
මැයි දින රැස්වීමේදී අදහස් දැක්වූ මාවෙයි සේනාධිරාජා මහතා මෙසේද කීය.
"යුද්ධය අවසන් වී වැසියන් නැවත පදිංචි වී නීතිය හා සාමය සාමාන්‍ය තත්ත්වයට පත් වූ පසු යුද හමුදාව උතුරු පළාතට අවශ්‍ය නොවන බව මීට පෙර පැවසුවා.
නමුත් පසුගිය අප්‍රේල් 21 වැනිදා සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පසුව ඇතිව තිබෙන අයහපත් වාතාවරණයත් සමග උතුරු පළාතට යුද හමුදා ආරක්‍ෂාව අවශ්‍යව ජනතාවට තිබෙනවා.
එබැවින් ජනතාවට අවශ්‍ය ආරක්‍ෂාව යුද හමුදාවෙන් ලැබෙනු ඇතැයි මා විශ්වාස කරනවා" යැයිද ඔහු කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමුන්ගේ ආරක්ෂාව තමුන්ම තර කර ගනිල්ලා හැබැයි නියම අවස්ථාව තිබුණා වගේ දෙගුණයක් හමුදා කදවුරු හදන්න උන්නෙ ඕනා කියන්නෙ ඇයි?? අපි තව බලන් ඉන්නෙ පොලියත් එක්ක වැඩෙ දෙන්න තමා තියෙන්නෙ
කොච්චර අමාරුවෙන්ද කෑ මොර දීලා එළවා ගත්තෙ..? ඇයි ඉතින් ආයෙත් ගෙන්නව ගන්නෙ..?
රෙදි ඇඳගෙනද
යකෝ කොටියා කන්න එපැයි.....
අයින් කරගන්නලු, ආයෙත් ආරක්ෂාව දෙන්නලු අනේ මන්දා
යන්න කියනවිට යන්නයි, ඉඩම් දෙන්න කියන වෙලාවට ඒවා දෙන්නයි, අයෙත් එන්න කියන විට එන්නයි
කොටිය කාල මදි යකෝ , නයා ගහන්නත් ඕන මම කියන්නේ , එහෙනම් !
කලකදී වහලු කලකදී රහ වෙනවලු.
ජිනීවා හරහාම ඉල්ලන්න. එතකොට එයාලත් දැනගනීවි ඔයාලගේ වැඩ
ඔයාලට එපා වෙනකොට එලවන්නයි ඕන වෙනකොට ගෙන්න ගන්නයි හිතුවද අපේ රණවිරුවෝ ඔයාලගේ වැඩකාරයෝ කියලා. දාන්න තියෙන්න යුද්දෙට තිබ්බ වගේ 10 ගුණයක හමුදා කදවුරු .....
අනේ ඇත්තටම මේ මිනිස්සු ගැන ඇත්තේ කණගාටුවක්
ඕනෑ නේන්නම් තවමත් කොටි පුල්ලි මතුවෙනවා වගේ පේනවා.. යාපනේ විශ්ව විද්‍යාලේ තිබිලා බඩු හම්බ වුනේ ...
අපේ හමුදාව යුද්ධයට පමණක් නොවේ, ඕනෙම හදිසි ආපදාවලදීත් ඉදිරියට එනවා. රටට හමුදාව කොහේද ස්ථාන ගතයුතු කියල තීරණය කලයුත්තේ බුද්ධි අංශය සහ ආරක්ෂක මණ්ඩලය. දේශපාලකයෝ නොවේ.
අනේ කාලේ වනේ වාසේ.. උතුරේ මිනිස්සු කෝටිය ගලවාගත්තෙත් අපේ හමුදාවනේ... ඕනෙ කුදයක් ගහගන්න කියලා පාඩුවේ ඉන්න තියෙන්නේ නිකම් මොකටද මරාගන්නේ..?
හමුදාව දුර්වල කරලා ආරක්ෂාව දුර්වල කරපු මේ දේශපාලකයෝ මඩකලපුවේ දෙමල, කතෝලික ජනතාවගේ මරණයේ වගකීම ගත යුතුයි...
මාවෝ, ආවෝ ගියෝ... දැන් ඉතින් නොහඬන් මාවෝ.