IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


දෙමළ සන්ධානයේ ස්ථාවරය වෙනස් කරන්න දුන් පොරොන්දු මොනවාදැයි ගම්මන්පිල අහයි

විනීතා එම් ගමගේ
 
රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති කිරීමට කිසිදු සහයක් නොදෙන බව කී දෙමළ ජාතික සන්ධානයට ස්ථාවරය වෙනස් කරගැනීම සඳහා පොළඹවා ගන්නට එක්සත් ජාතික පක්ෂය විසින් දුන් පොරොන්දු මොනවා දැයි ජනතාවට හෙළි කළ යුතු යැයි පිවිතුරු හෙළ උරුමය නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා ප‍්‍රකාශ කළේය.

හදිසියේම තම ස්ථාවරය වෙනස් කරමින් රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති කරන්නට උවමනා බවත් ඊට සහය දෙන බවත් කියන දෙමළ සන්ධානය අතලෙවකෑමට මී කඩන ජාතියේ පක්ෂයක් නොවන්නේ යැයි ද හෙතෙම කියා සිටියේය. 

2001 මැතිවරණය සමයේ අලි කොටි ගිවිසුමක් ඇතැයි මංගල සමරවීර මහතා හෙළිකළ බවත් එජාපය එය ප‍්‍රතික්ෂේප කර බලයට පැමිණ කොටි ප‍්‍රදේශවල මායිම් පවා පිළිගත්තේ යැයි ද කී අමාත්‍යවරයා එහි දී ඊළම් රාජ්‍යයට නොනිල පිළිගැනීමක්  පවා ලබා දුන්නේ යැයි ද සඳහන් කළේය. 

එහිදී අන්තර්කාලින ස්වයං පාලන අධිකාරියක්  පිහිටුවීමට කටයුතු කළ එජාප ආණ්ඩුව බුද්ධි අංශ පාවාදෙමින් හමුදා කඳවුරු පවා උතුරු නැගෙනහිරින් ඉවත් කළ ගත් බවට හෙතෙම චෝදනා කළේය. 

අනතුරුව 2015 දී අලි කොටි ගිවිසුමක්  පිළිබඳව හෙළි කරමින් ගිවිසුමක පිටපත් තිස්ස අත්තනායක මහතා හෙළි කළ අවස්ථාවේ එතුමා කූට ලේඛන සැදු බවට චෝදනා කරමින් හිරේ දැමු බවටත් අවසානයේ එකී ගිවිසුමේ තිබු දේ එකින් එක ක‍්‍රියාත්මක කිරීමට ආණ්ඩුව කටයුතු කළ බවටත් අදහස් දැක්වූ ගම්මන්පිල මහතා ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගෙන ඒම, උතුර නැගෙනහිර යළි එක් කිරීමට කටයුතු කිරීම, හමුදා කඳවුරු  ඉවත් කිරීම, කොටි ත‍්‍රස්තවාදින් නිදහස් කිරීම සිදුවූයේ මේ සමයේ යැයි ද ඔහු කීය. 

අලි කොටි ගිවිසුම් දෙකකින් බැට කෑ මෙරට ජනතාවට ඊළඟ අලි කොටි ගිවිසුමෙන් සිදුවන්නේ මොනවා දැයි දැනගැනීමට අයිතියක් ඇති බැවින් එම ගිවිසුම් හෙළි කරන්නැයි එජාපයට බල කරන බව ගම්මන්පිල මහතා පැවසීය.

උදය ගම්මන්පිල මහතා මේ අදහස් පළ කළේ පිටකොට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමය ප‍්‍රධාන කාර්යාලයේ පැවැති එම  පක්ෂයේ මාධ්‍ය හමුව අමතමිනි. 



අදහස් (0)

දෙමළ සන්ධානයේ ස්ථාවරය වෙනස් කරන්න දුන් පොරොන්දු මොනවාදැයි ගම්මන්පිල අහයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 608 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 295 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site