IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


දෙමළ සන්ධානයේ නායකත්වය ගැන තුන්කොන් සටනක

එෆ්.අස්ලම්

 

දෙමළ ජාතික සන්ධානයේ මීළඟ නායකත්වය ගැනීම සඳහා එම සන්ධානයේම ප්‍රබල දේශපාලකයින් තිදෙනෙකු තුන්කොන් සටනක නිරතව සිටින බව උතුරේ ආරංචි මාර්ග සඳහන් කරයි.

දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂයේ යාපනය දිස්ත්‍රීක්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු වෙනුවෙන් මෙම සීතල යුද්ධය හටගෙන ඇති බවද වාර්තා වේ.

2000 වසරේ දෙමළ ජාතික සන්ධානය පිහිටුවා ගැනීමෙන් පසු මේ දක්වාම එහි නායකත්වය ආර්.සම්බන්ධන් මහතා විසින් දැරූ අතර සම්බන්ධන් මහතා සන්ධානයේ නායකත්වයෙන් ඉවත්ව එහි අනුශාසකයකු වශයෙන් කටයුතු කිරීමේ අදහසින් පසුවන බව දැනගන්නට ලැබේ.

ඒ අනුව  මෙම ධූරයට දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ.සුමන්තිරන් මහතා පත්කළ යුතු බවට යෝජනා වී තිබුණ ද සන්ධානය අභ්‍යන්තරයෙන් ඊට විරෝධයක් ද මතුව තිබිණි.

මේ සම්බන්ධයෙන් ලංකාදීපය කළ විමසුමකදී දෙමළ ජාතික සන්ධානයේ සෙසු  හවුල්කාර පක්ෂ ද්විත්වය වන ප්ලොට් හා ටෙලෝ සංවිධාන සදහන් කර සිටියේ දෙමළ ජාතික සන්ධානය තුළ වර්තමානයේ ගොඩනැගී ඇති නායකත්වයේ කතිකාව සම්බන්ධයෙන් තම පක්ෂ අභ්‍යන්තරයේ ද සාකච්ඡා කර සිටින බවයි.

ප්ලොට් සංවිධානයේ නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතාත් ටෙලෝ සංවිධානයේ නායක සෙල්වම් අඩෙයිකලනාදන් මහතාත් ප්‍රකාශ කළේ දෙමළ ජාතික සන්ධානයේ නායකත්වය සම්බන්ධයෙන් තීරණයක් ගත යුතුව ඇත්තේ ඉලංගයි තමිල් අරසු කච්චි සහ සිය පක්ෂවල පොදු එකගතාවකින් මිස තනි තීරණ වලින් නොවන බවයි.

 



අදහස් (5)

දෙමළ සන්ධානයේ නායකත්වය ගැන තුන්කොන් සටනක

kule Monday, 18 February 2019 08:04 AM

මොකා ආවත් පුල්ලිනම් මාරුවෙන්නේ නෑ...

:       110       91

fasmy Monday, 18 February 2019 08:24 AM

වතුකරයේ තොන්ඩමන් මහතා ශ්‍රී ලංකාවේ සංවර්ධනයට දායක කරගෙන අද වතුකරයේ දෙමළ ජනතාව හොඳජීවන තත්වයක් ලබාගෙන සිටිනවා උතුරේ දෙමල නායකයොත් වතුකරය දිහා බලලා තමන්ගේ ජනතාවට හොඳ සේවයක් ලබාදෙන්න පටු දේශපාලනයෙන් මිදෙන්න රට බෙදලා වෙනරටක් හදනවා කියන බොරුවෙන් මිදෙන්න..

:       84       67

induni priyanthaMonday, 18 February 2019 09:22 AM

ඔය කියන වතුකරය ලංකාවේද තියෙන්නේ?

:       66       131

Hafeel Monday, 18 February 2019 11:30 AM

රනිල් ඉන්නකල් මොනවටද සුමන්තිරන්ට දෙමළ සන්ධානයේ නායකත්වය?

:       161       109

hasantha Tuesday, 19 February 2019 06:22 PM

තමිල් අරසු කියන්නේ 'දෙමළ රාජ්‍යක්' කියලා මම දැනගත්තේ ළගදි. වෙනම රාජ්‍යක් වෙනුවෙන් පෙනී සිටින මන්ත්‍රීවරුන්ව නඩත්තු කරන්න අනිත් ජාතීන්ටත් අයත් ජනතාවට සිදුවීම කොච්චර සාධාරණ ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 362 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site