IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


දෙමළ ජනයාගේ ගැටලු විසඳන්න පක්ෂ 3 ක් සන්ධානගත වෙයි

(රංජිත් රාජපක්ෂ)                       

උතුරු නැගෙනහිර සහ වතුකරය ඇතුළු දිවයිනේ දෙමළ භාෂාව කතා කරන ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කර විසඳුම් දීම සඳහා පක්ෂ තුනක් සන්ධාන ගත වී එයට අදාළ අවබෝධතා ගිවිසුම අද (11)  අත්සන් කළහ.

ලංකා කම්කරු කොංග්‍රසය, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කොංග්‍රසය, ප්‍රජාතන්ත්‍රවාදී විමුක්ති පෙරමුණ මෙම අවබෝධතා ගිවිසුමට  අත්සන් තැබීය.

ලංකා කම්කරු කොංග්‍රසය වෙනුවෙන්  එම පක්ෂයේ මහ ලේකම් අනුෂා සිවරාජා මහත්මිය, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කොංග්‍රසය වෙනුවෙන් එම පක්ෂයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රභා ගනේෂන්, ප්‍රජාතන්ත්‍රවාදී විමුක්ති පෙරමුණ වෙනුවෙන් එම පක්ෂයේ මහ ලේකම් යි.කදිර් යන මහ්වරු මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් කළහ.

එම සන්ධානයේ නිල තල කිසිවක් කිසිදු පක්ෂයකට මෙතෙක් ලබා නොදී ඇති අතර එම සන්ධානයට මෙතෙක් නමක් තබා නොමැති බව මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරිමෙන් පසුව කොටගල ලංකා කම්කරු කොංග්‍රස් මුලස්ථානයේ පැවති මාධ්‍යය හමුවේදී ප්‍රභා ගනේෂන් මහතා කීය.

නව සන්ධානයට ඕනෑම පක්ෂයකට එක් වීමට හැකි බවත්, එම සන්ධානය තුළින් දමිළ භාෂාව කතා කරන ජනතාවගේ ගැටළු සම්බන්ධයෙන් විසඳුම් ලබාදීම අරමුණු කර  ගනිමින් නව සන්ධානය නගා සිටු වූ බව ප්‍රභා ගනේෂන් මහතා පැවසීය.

නව සන්ධානයට ඉදිරියේ දී එකතු වන පක්ෂ සහ සංවිධාන එකතු කර ගනිමින් නව සන්ධානයට නමක් තබන බවත්, පසුව එම සන්ධානයේ නිල තල සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන බව ප්‍රභා ගනේෂන් මහතා කීය.

මෙම මාධ්‍යය හමුවට ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගන් තොණ්ඩමන් මහතා  ද සහභාගී විය.



අදහස් (4)

දෙමළ ජනයාගේ ගැටලු විසඳන්න පක්ෂ 3 ක් සන්ධානගත වෙයි

Anjana Thursday, 11 July 2019 10:46 AM

මේවා වැරදිවැඩ... මොකද දෙමළ මිනිස්සුන්ගේ කියලා ප්‍රශ්න විසඳන්නේ මොකටද? මේවා තමයි ප්‍රශ්න. දේශපාලකයෝ විසඳිය යුත්තේ ජනතා ප්‍රශ්න මිසක් විවිධ ජනකොට්ඨාශ වල ප්‍රශ්න නොවෙයි...

:       134       183

vivek Thursday, 11 July 2019 11:14 AM

ඇයි සිංහලයින්ට මේ වගේ එකතු වෙන්න බැරි?

:       30       80

AmaraThursday, 11 July 2019 11:38 AM

සිංහලයා ජාතිවාදී නැහැ සහෝදරයා... ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදියි...

:       2       102

Prabha Thursday, 11 July 2019 11:56 AM

ආණ්ඩුවක ඇමතිකම් බෙදා ගන්න ගියහම ඔය ඔක්කොම සංධාන ඉවරයි....

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 548 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1075 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site