IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


‘දෙමළ ඡන්ද එක්ක සෙල්ලම් කළ අයට ජනපතිවරණයෙන් පිළිතුරු ලැබුණා’

(එෆ්.අස්ලම්)

දෙමළ ජනතාව තුළ වැරදි චිත්‍රයක් මවමින් දෙමළ ජනතාවගේ ඡන්ද සමගින් සෙල්ලම් කළ  දෙමළ ජාතික සන්ධානය ඇතුළු දේශපාලන බලවේග වලට  මෙවර ජනපතිවරණයෙන් නිසි පිළිතුරු ලැබී තිබෙන බව උතුරු නැගෙනහිර පළාතේ ප්‍රථම ප්‍රධාන අමාත්‍ය වරදරාජා පෙරුමාල් මහතා පවසයි.

යුද්ධයෙන් බැටකෑ උතුරේ දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී සිටින ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විජයග්‍රහණය සුබපැතුම් එක්කරන බවත් රාජපක්ෂ ආණ්ඩුවක් තුළ උතුර දකුණ යා කරන බවත් හෙතෙම සදහන් කර සිටීයි.

හත්වන ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය ලැබ සිටින ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය පිළිබද ලංකාදීපයට අදහස් දක්වමින් හෙතෙම මේ බව කියා සිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ පෙරුමාල් මහතා මෙසේද කීය.

ප්‍රථමයෙන්ම දෙමළ සමාජ ප්‍රජාතන්ත්‍ර පක්ෂය විදිහට අපේ සහාය ලබාදුන් ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාගත් විශිෂ්ඨ ජයග්‍රහණයට සුබ පැතුම් එක්කරනවා.

උතුරු නැගෙනහිර කියන්නේ යුද්ධයෙන් බැට කෑ පළාතක්.මේ ජනතාව තුළ පහුගිය කාලය පුරාවටම දෙමළ ජාතික සන්ධානයත් දෙමළ දේශපාලන පක්ෂත් දුක්සංකා,බියසැක ඇතිකරල රාජපක්ෂවරුන් පිළිබඳ වැරදි චිත්‍රයක් මවල තිබුණා. ඊට දෙමළ ජාතිකත්වය පාවාදෙමින් දේශීය හා විදේශීය වශයෙන් ලාභ ලබන දෙමළ සංවිධානත් දායක වී සිටියා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියන්නෙත් ගෝඨාභය රාපක්ෂ කියන්නෙත් දෙමළ ජනතාව වෙනුවෙන් සෑම විටම පෙනී සිටි දෙපළක්.පහුගිය රාජපක්ෂ සමයේදී යුද්ධය ඉවර කළා වගේම යුද්ධයෙන් විපතට පත් වුණ ජනතාව වෙනුවෙන් විශාල කාර්යභාරයක් සිදුකරනු ලැබුවා. යෝධ සංවර්ධනයක් යුද්ධය පැවති උතුරු නැගෙනහිර පළාත් තුළ සිදුවුණා.මේ නිසා තමයි අපි දෙමළ ජනතාව වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වුයේ.

දෙමළ ජාතික සන්ධානය විසින් දෙමළ ජනතාව අතර මවනු ලැබූ වැරදි චිත්‍රය නිවැරදි කරමින් ඒ ජනතාවගේ ආර්ථික,සමාජීය, සංවර්ධන දියුණුව වෙනුවෙන් කැපවී කටයුතු කරනවා.

රටේ සෑම ජාතියක්ම, සෑම ජන කොට්ඨාසයක්ම සමසේ පිළීගනිමින් සාමකාමී රටක් නිර්මාණය කරන යුගයක් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් උදාකරනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. උතුර දකුණ යා කරන එක්සත් ශ්‍රිලංකාවක් ඇති කරනු ඇතැයි විශ්වාස කරනවා යැයිද හෙතෙම කීවේය.



අදහස් (8)

‘දෙමළ ඡන්ද එක්ක සෙල්ලම් කළ අයට ජනපතිවරණයෙන් පිළිතුරු ලැබුණා’

Buddika Sunday, 17 November 2019 09:55 AM

කවුද උතුරේ ඊළාම් කොඩිය එසෙව්වේ ? මේක සියලු ජාතීන්ට අයිති රටක්. උතුර දිනුවේ සජිත්. ඔබ නෙවේ.

:       638       768

Shamila De MelSunday, 17 November 2019 07:36 PM

බුද්ධික අවුරුදු 30 පරණ කතා කියන්න එපා !

:       21       6

මුණසිංහ Sunday, 17 November 2019 11:08 AM

2009 යුද්දෙන් පස්සේ උතුර සංවර්ධනය කලේ රාජපක්ෂ ආණ්ඩුව. ඉන් පසුව ආපු රනිල් මෛත්‍රි යුගලය උතුරේ පමණක් නොව රටේම සංවර්ධනය නතර කළා. එහි ප්‍රතිඵලය තමා ඡන්දෙන් ලැබුණේ. උතුරේ ද්‍රවිඩ නායකයන් ජනතාවට කැරට් අලය පෙන්වමින් ඔවුන් මුලා කලා. මින් පසුව ඒ දේ කරන්න බැරි වෙයි.

:       135       329

Mahee Sunday, 17 November 2019 11:28 AM

ආයෙත් ආණ්ඩුකාරකමක් ගැන හීන මවනවා වගේ නේද? ඊලාම් ධජය ඔසවන්න චාන්ස් එකකකුත් ලැබෙයිද?

:       59       111

Chanak los angeles Sunday, 17 November 2019 06:33 PM

දැන් පිල්ලෙයාන්ටත් තනතුරක් ලැබෙනවාද? මම එහෙම අහන්නේ අපි දුටුවා සාටකලා ඡන්දෙට පෙර එහෙ ගිහින් මොන මොනවදෝ ඔහු ගැන කියනවා. අනෙක් එක සාටකලා දිවුරා පොරොන්දු වුණානේ ඔවුන් දෙන සියලු පොරොන්දු අනිවාර්යයෙන් ඉටුකරනවා කියා...

:       160       83

ShanakaSunday, 17 November 2019 09:30 PM

ඔයාගේ විහිලු වලට හිනා වෙන්න මෙහෙ කවුරුත් නැ. දැන් ඉතින් ඔහෙට වෙලා වැඩක් බලාගත්තනම් හොඳයි.

:       1       19

RamsyTuesday, 19 November 2019 02:46 PM

30 අවුරුදු කුරිරු යුද්ධය අවසන් කරලා, මුළු රටටම නිදහසේ හුස්ම ගන්න බය නැතුව ජීවත් වෙන්න හදලා දුන්න මිනිස්සුන්ට ගරහන මෙහෙම කුහක මනුස්සයෙක්.

:       0       0

Rabba Monday, 18 November 2019 12:32 AM

ඔන්න ලොස් ඇන්ජලීස් මෝඩ කතා කියන්න පටන් ගත්තා

:       0       12

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28500 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18198 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 10985 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 681 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 202 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 858 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site