(නිමල කොඩිතුවක්කු)

කොවීඩ් තුන්වන රැල්ලේ ආරම්භයේ සිට මේ දක්වා දුම්රිය සේවකයන් 25 දෙනකු කොරෝනා ආසාදිතයන් බවට තහවුරු වී  ඇතැයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනා ගමන) ගාමිණී සෙනවිරත්න මහතා පවසයි.

එම කොරෝනා ආසාදිතයන් සහ ආශ්‍රිතයන් සියලු දෙනා දුම්රිය සේවයෙන් තාවකාලිකව ඉවත් කොට නිරෝධායන කටයුතු සඳහා යොමු කර ඇතැයි ද ඔහු සඳහන් කරයි.

මගී ජනතාව සඳහා සෑම විටම සෞඛ්‍යාරක්ෂිත වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇති බවත් ගාමිණී සෙනෙවිරත්න මහතා වැඩිදුරටත් පැවැසීය.