(රංජන් කස්තුරි)
දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවයක් බවට ප්‍රකාශකරමින් ජනාධිපතිවරයා විසින් අද (03) රාත්‍රියේ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට නියමිතය.
පොදු මගී ජනතාවගේ යහපත වෙනුවෙන් රජය එම පියවර ගෙන ඇති අතර වහාම ක්‍රියාත්මක වන පරිදි දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයින් සමාන්‍ය පරිදි රාජකාරියේ නිරතවීම අත්‍යවශ්‍ය වේ.
සතියකට අධික කාලයක් තිස්සේ දුම්රිය සේවකයින් ක්‍රියාත්මක කර ඇති වැඩවර්ජනය හේතුවෙන් මෙම අත්‍යවශ්‍ය ගැසට් නිවේදනය නිකුත් කර තිබෙන බවද ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට මතක හැටියට කරපු හොදම කර්තව්‍ය..... ස්තුතියි ඔබට...
මම හිතුවේ මේක දැන් කරලා තියෙන්නේ කියල
ප්‍රමාද වී හෝ ගත් තීරණයට , ශ්‍රී ලංකාවාසී සියලුම අයවලුන් වෙනුවෙන් මගේ හදපිරි ප්‍රණාමය
සේවය අත්හැර ගිය සේ සැලකුවට පස්සේ ඒ ගොල්ලෝ තව දුරටත් දුම්රිය සේවකයෝ නොවෙයිනේ? ඉතින් අත්‍යවශ්‍ය සේවයක් කළාට ඉවත් කරපු සේවකයෝ එන්න ඕන නැහැනේ? නේද?
වෘත්තීය සමිති නායකයන් වහා සේවයෙන් ඉවත් කිරීමට පියවර ගත යුතුය
රටේ රැකියා නැතුව කි දෙනෙක් ඉන්නවාද? අලුතෙන් ගන්න, මිනිස්සුන්ට ටිකට් එකක් දෙන්න පළපුරුද්දක්, විශ්ව විද්‍යාල යන්න ඕන නැනේ?
වැඩිපුර තරුණ පිරිසකට පුහුණුවක් දීලා තිබුනනම්, ඔය ගැටලුවට විසඳුම
අත්‍යවශ්‍ය සේවයක් කලා කියල ප්රශ්නය විසදෙන්නේ නැ. ආණ්ඩුව දැන් අවලංගු කාසියක්.
මෙම වර්ජකයන්ට ඉදිරියේදී කිසිම රජයේ රැකියාවක් ලබාදිය යුතු නැත.
සියලු පොදු මහජන සේවා අතවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරන්න.
ඔය සමිති වල කට්ටිය ගන්නම එපා. කලින් සැරෙත් කොහොම හරි ඇතුලට රිංග ගත්ත. කරුණා කරලා එයාලව ඓන් කරලම දන්නා. ලොකු දෙයක්. අපි තව මාසයක් හරි දෙකක් හරි මේ විදියට විකල්ප භාවිත කරන්නම්, හැබැයි ඕකුන්ව ගන්න එපා, සේවය අතහැර ගියා සේ සලකල, අතුලිත් අරගෙන හරි, නැත්නම්, හමුදාව යොදවල හරි පටන් ගන්න. ඔකුන්වනම් එපා. මේ මාසේ ප්‍රවේශපත්‍ර ගත්තේ නැති නිසා අපිට ඒ ගැන හරි ඉතුරු වෙනවා