(ඩයනා උදයංගනී සහ ජයමාල් චන්ද්‍රසිරි)
දුම්රිය වැඩවර්ජනයක් අද (20) මධ්‍යම රාත්‍රීයේ සිට ආරම්භ කරන බව කීවද පස්වරුවේ සිටම සිදු වූ දුම්රිය ප්‍රමාදයන් හා ධාවනය නොකිරීම් හේතුවෙන් මගීහූ දැඩි පීඩාවට පත්වූහ.
මේ හේතුවෙන් කෝපයට පත් මගී ජනතාව දුම්රිය ස්ථානවලදී කෑ කෝ ගසමින් විරෝධය පළකරනු ද දක්නට ලැබිණි.
වැඩ වර්ජනය ඊයේ දිනයේ ආරම්භ වීමට නියමිතව තිබී අද දක්වා කල් ගියද ඊයේ පස්වරුවේත් දුම්රිය ප්‍රමාදයන් සිදුවිය.
කොටුව දුම්රිය ස්ථානයේ දොරටු වසා දමා ආරක්ෂාවට හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවා තිබිණි.
(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වර්ජන වලින් දුක් විදින්නේ එදිනෙදා වැඩට යන එන සාමාන්‍ය මිනිසුන්. සැප වාහන වල පාවෙන ආණ්ඩුවේ මැති ඇමතිලට ඕවයේ වගක් නැහැ. මේ රට කිසි දිනක දියුණු වන රටක් නොවේ.
මෙරට කියන වෙලාවටත් කලින් කරන එකම කාර්ය වර්ජනය විතරයි. අනික් සියලු දෙය ප්‍රමාදයි. ජපානේ රැකියා අවස්ථා ලබාදෙනවා කියලා ප්‍රවෘතියක් තිබුනා. බැරිද සියලු වෘතිය සමිති නායකයින්ව ජපානෙට අවුරුද්දකට යවන්න. ජපානයේ වර්ජන ක්‍රමවේදය ඉගෙන ගන්න. එරට වර්ජනය යනු නිෂ්පාදනය වැඩි කිරීම. ඒ කට මෙහෙ..........??
අපි තවමත් මහා පාරට වෙලා ඉන්නවා 225 ක් වෙනුවෙන්.
වර්ජනයට පෙරේ ඒවා විසදන්න රජයකට පුළුවන් වෙන්න ඕනේ. ජනතාව හැම තැනදීම පීඩනයට පත්වෙනවා. මහජනතාවගේ කැමැත්තෙන් පත්වෙන අය ජනතාවටම වද දෙනවා. මේවා කවදද විසදන්නේ.
දුම්රිය සේවකයන් දැනටමත් ඉතා ඉහල වැටුපක් ලබනවා. වැඩ වර්ජන කිරීම අසාධාරණයි.
හදිසි නීතිය යටතේ, මහජනතාව පීඩාවට පත්කරමින් කරන මෙවැනි වර්ජන සදහා පොලිසිය පියවර ගනුලබන්නේ රාජකාරිය සදහා ගෙදරින් පිටත්වන අහිංසක මහ ජනතාව වෙතද ? කෝ නීතිය කොතනද ? ඔය කියන මහත්වරු නිල ඇදුම ගලුව පසුව ගෙදර යන්නේ අපි වගේම දුම්රියෙන් නේද ?
දුම්රිය සේවයට හැමදාම ලෙඩ. වර්ජන ! වර්ජන!! මේවයින් දුක්විඳින්නේ මහජනතාව. තිබෙන සේවයවත් හරියට කරන්නේ නැතුව වර්ජන කලාම කොහොම වෙයිද? දුම්රිය සේවය අතවශ්‍ය සේවයක් කරන්න රජයට බැරිද ? මෙහෙම වැනෙන ප්‍රතිපත්ති නිසා මහජන සේවය අඩපන වෙන බව ගැන රජයට හැගීමක් නැද්ද?