
(යොහාන් භාසුර සහ පුෂ්පකුමාර මල්ලවාරච්චි)
අයහපත් කාලගුණ හේතුවෙන් ප්‍රධාන දුම්රිය මාර්ගයේ මීරිගම සහ පල්ලෙවෙල යන දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ කොටසක් ගිලාබැසීම හේතුවෙන් දුම්රිය ධාවනය වේයන්ගොඩ දුම්රිය ස්ථානය දක්වා තාවකාලිකව අත්හිටුවූ බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා අද (14) පස්වරුවේ පැවසීය.
දුම්රිය මාර්ගයේ ගිලාබැසීම කොටස ඊයේ (13) සිට යථා තත්වයට පත්කිරීමට කටයුතු කරමින් සිටින බවත් දුම්රිය මාර්ගය හැකි ඉක්මණීන් යථා තත්වයට පත්කර දුම්රිය ධාවනය ආරම්භ කරන බවත් ධම්මික ජයසුන්දර වැඩි දුරටත් කීය.

පුෂ්පකුමාර මල්ලවආරච්චි
ප්‍රධාන දුම්රිය මාර්ගයේ මීරිගම හා විජය රජදහන දුම්රිය ස්ථාන අතර තිලිණගම ප්‍රදේශයේ දුම්රිය මාර්ගය ගිලා බැස්මක් හේතුවෙන් අද 14 දහවල් වන විටත් දුම්රිය ගමනාගමනය එක් මංතීරුවකට පමණක් සීමා වී තිබිණි.
කොළඹ දෙසට මංතීරුවේ දුම්රිය සිල්පර කොටන්වලට යටින් මෙම ගිලා බැස්ම ඇති වී තිබූ අතර සිද්ධිය පිළිබඳව සැලවූ වහාම දුම්රිය බලධාරීහු දුම්රිය ධාවනය එක් මංතීරුවකට පමණක් සීමා කරනු ලැබීය.
ගිලා බැස ඇති කොටස යථාවත් කිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවේ නඩත්තු ඒකකයේ නිලධාරීහු කටයුතු කරමින් සිටීයහ.
COMMENTS
වේයන්ගොඩට හොඳයි.