
(නිමල කොඩිතුවක්කු)
දුම්රිය ධාවනය නොකිරීම සහ පළාත් අතර සංචරණ සීමා තවදුරටත් දීර්ඝ කිරීමට හේතුව ඩීසල් නොමැතිවීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා කොළඹදී පැවසීය.
ඩීසල් නොමැතිවීම ජනතාවගෙන් වසන් කිරීම සඳහා දුම්රිය ධාවනය සහ පළාත් අතර සංචරණ සීමා ලබන 31 වනදා දක්වා දීර්ඝ කිරීමට ආණ්ඩුව පියවර ගෙන ඇති බවත් රහුමාන් මහතා සඳහන් කළේය.
රට විවෘත කර ප්‍රවාහනය සීමා කර රාජ්‍ය සහ පෞද්ගලික සේවකයන් සේවයට කැඳවීමට පියවර ගැනීම හේතුවෙන් ඔවුන් දැඩි දුෂ්කර තත්වයකට මුහුණ දී ඇති බවත් කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
තම නොහැකියාව වසා ගැනීම සඳහා දුරදිග නොබලා ආණ්ඩුව ගනු ලබන තීරණ හේතුවෙන් හැට නම ලක්ෂය ඇතුළු රටේ සමස්ථ ජනතාව අසරණ වන බව ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙහෙමත් බූරුවන් රැලක්.. අඩුපාඩුවක්මයි දකින්නේ... හා හොඳයි කියන්නකෝ බලන්න... නුඹලා පට්ටියේ බලයේ හිටියා නම් මේ මොහොතේ කිසිදු ගැටළුවක් නැහැ.. කිසිඳු අඩුපාඩුවක් නැහැ. ශ්‍රී ලංකාව සුඛිත මුදිතවීමට ඉතාමත්ම ආසන්නවම තිබෙනවා කියලද? ඇත්ත කතා කරන්න.. කටවල් තිබුණු පමණින් මෝඩ කතා කියන්න එපා...
ඔක්කොගේම කයිවාරුව විපක්ෂයේ ඉන්නකල් විතරයි. ආණ්ඩු කරන්න ගියාම බඩයනවා.
අදහස් පලකොට ඇත්තේ එක් රාජ්‍ය ඇමතියෙක් පමණි... බමුණු රාජ්‍ය ඇමැතිවරයා කොයිද..?
තක්කඩි පාලකයින් පත්කරන්නේ නූගත් සහ බුද්ධිමත් වුවත් මොඩ ජනතාව විසිනි. වාෂ්ප දුම්රිය නැවත භාවිතා කළ හැක..