IMG-LOGO

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා


දුමින්ද සිල්වාගේ ඥාතීහු අධිකරණ ශාලව තුළ හඬා වැලපෙති

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළු තිදෙනෙකුට ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් මරණ දඬුවම තහවුරු කිරීමෙන් පසු ඔවුන්ගේ ඥාතීහු ඒ පිළිබඳ සිය ශෝකය ප‍්‍රකාශ කරමින් හඬා වැලපෙන්නට වූහ.

චූදිත දුමින්ද සිල්වා මහතා ගේ පියා ,බාල සහෝදරයා,නැගණිය සහ මවගේ නැගණිය තීන්දුව ප‍්‍රකාශයට පත් කළ අධිකරණ ශාලවේදී දුමින්ද සිල්වා මහතා වැළඳ අඬා වැළෙපෙනු දක්නට ලැබිණි.

චූදිත චමින්ද රවි ජයනාත් හෙවත් දෙමටගොඩ චමින්ද උපරිමාධිකරණ සංකීර්ණයෙන් ඉවතට රැගෙන පැමිණෙන අවස්ථාවේදී ඔහුගේ බිරිඳ සහ දියණිය හඬා වැලපුණහ.

මේ අතර තීන්දුව ප‍්‍රකාශයට පත් කර විනාඩි 40 ක් ඇතුළත චූදිත දුමින්ද සිල්වා මහතා ඇතුළු සෙසු චූදිතයින් තිදෙනා උපරිමාධිකරණ සංකීර්ණයෙන් ඉදිරිපස දොරටුවෙන් ඉවතට රැගෙන පැමිණි බන්ධනාගාර නිලධාරීහු ඔවුන් බන්ධනාගාර නිල ගිලන් රථයකින් බන්ධනාගාරයට රැගෙන ගියහ.



අදහස් (11)

දුමින්ද සිල්වාගේ ඥාතීහු අධිකරණ ශාලව තුළ හඬා වැලපෙති

සතයපාල Thursday, 11 October 2018 01:46 PM

බලය සහා ධනය ඇතිවිට තමන්ට සියල්ල කල හැකි බවටත් පෘතුවිය කැරකෙන්නේ සූර්යා වටේ නොව තමන්වටේ යයී සිතන්න හිටිය හා දැනට සිතාගෙන ඉන්න කාටවත් මේක හොද පාඩමක්.

:       17       523

OMG Thursday, 11 October 2018 02:47 PM

කාට කාටත් මේක හොද පාඩමක්.

:       13       232

Nandalal DE SILVA -France Thursday, 11 October 2018 03:53 PM

මේ අය පමණද හඬා වැලපුනේ?

:       0       79

රජින්ද Thursday, 11 October 2018 03:58 PM

කිසිදා මේ රටේ ක්‍රියාත්මක නොවෙන නීතියකට කුමට හඬන්නද?

:       4       424

Chanak Los angeles Thursday, 11 October 2018 06:00 PM

මොවුන්ට අඬන්න ඕනේ තීන්දුව දෙනකොට නොවෙයි. අඩන්න තිබුනේ චුදිතයන් රටේ නීතියට විරුද්ධව ක්‍රියාකරගෙන යන අවධියේදී ඒවා කරන්න එපා කියමිනුයි

:       0       124

පොන්නම්පෙරුම Friday, 12 October 2018 02:40 AM

එතකොට පසු කාලීනව මේ තීරණ වෙනස්විය හැකිද?

:       0       24

saman Friday, 12 October 2018 03:13 AM

ටික දවසකින් ජනාධිපති සමාව ලැබිල එළියට එයි .

:       0       135

edman Friday, 12 October 2018 04:04 AM

මෙයට සැලියුට් ගහපු පොලිස් ලොක්කෝ දැන් කොහෙද දන්නේ නෑ නේ ?

:       0       34

KANDEPOLA Friday, 12 October 2018 04:39 AM

ධනයෙන් බලයෙන් ඔලුව ඉදිමුණහම කරන්නේ මොනවද කියලා දන්නේ නෑ. බලේ තියෙනකොට මොලේ නෑ කියන්නේ ඒකයි. දැන් පරක්කු වැඩියි.

:       0       37

කල්ප Friday, 12 October 2018 11:18 AM

අත්තානං උපමං කත්වා. නහනෙය්‍ය නඝාතයේ....

:       0       2

uddika Tuesday, 16 October 2018 04:14 AM

මේ ඔක්කොම එකයි. තව ටික දවසකින් සමාව ලැබෙයි. කව්ද දන්නේ බන්ධනාගාරයේදී ලැබෙන දේවල්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 609 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 816 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 352 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site