IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


දීපා මේතාගේ නවතම සිනමාපටයට නිම්මි හරස්ගම

(ඩිල්ෂානි චතුරිකා දාබරේ)

භාරතයේ සම්මානලාභී  අධ්‍යක්ෂිකාවක වන දීපා මේතාගේ නවතම සිනමාපටය වන ‘ෆනී බෝයි‘ චිත්‍රපටය සඳහා සම්මානිත ලාංකේය රංගන ශිල්පිනියක වන නිම්මි හරස්ගම රංගනයෙන් දායක වී තිබේ.

ශ්‍රී ලාංකිකයකු වන ෂ්‍යාම් සෙල්වදුරෙයි විසින් රචනා කරන ලද, ‘ෆනී බෝයි‘ කෘතිය ඇසුරින් මෙම සිනමාපටය නිර්මාණය කර තිබේ. 

මෙම සිනමාපටය අද (14) දිනයේ කොළඹ දී සීමිත ලාංකිකයන් පිරිසකට ප්‍රදර්ශනය කරන ලදි. පසුව එය ශ්‍රී ලංකාවේ සෙසු ප්‍රේක්ෂකයන්ට නැරඹීමට ඉඩ සැලසෙනු ඇත. 

අධ්‍යක්ෂකවරිය මීට පෙරදී ද සල්මන් රුෂ්ඩිගේ ‘මිඩ්නයිට් චිල්රන්‘ කෘතියෙන් 2012 වසරේදී එනමින් සිනමාපටයක් අධ්‍යක්ෂණය කළ අතර, බප්සි සිද්වාගේ ‘ක්‍රැකිං ඉන්දියා“ කෘතිය අනුසරයෙන් ‘අර්ත්‘ සිනමාපටය එළිදැක්වූවාය. 

1996 දී දීපා මේතා නිර්මාණය කළ ‘ෆයර්‘ සහ වසර 2005 දී නිර්මාණය  කළ ‘වෝටර්‘ චිත්‍රපටය ලෝකය පුරා සිනමා ලෝලීන්ගේ සුවිශේෂී අවධානයට යොමු විය. 2007 වසරේ පැවති ඔස්කාර් සම්මාන උලෙළේදී හොඳම විදෙස් භාෂා සිනමාපටයට වෝටර් සිනමාපටය නිර්දේශ විය. දීපා මේතාගේ සිනමාපට ජාත්‍යන්තර සම්මාන රැසකින්ද පිදුම් ලැබීය.

නිම්මි හරස්ගම 'ඉර මැදියම', 'ආකාස කුසුම්' වැනි සිනමාපටවලින් කැපීපෙනෙන ප්‍රතිභාවක් පළ කළ රංගන ශිල්පිනියකි. 

(ඡායාරූපය - නිම්මි හරස්ගම වෙබ් පිටුවෙනි)



අදහස් (6)

දීපා මේතාගේ නවතම සිනමාපටයට නිම්මි හරස්ගම

විජිත් Friday, 14 August 2020 03:08 PM

නිම්මිගේ "ආකාස කුසුම්" මම බලලා තියෙනවා. රංගනය ගැන මනා හැදෑරීමක් කරපු කෙනෙක් බව ඒ චිත්‍රපටයෙන් ඇය අපට පෙන්වූවා. සුබ පැතුම්...!!!

:       0       0

විජිත් Saturday, 15 August 2020 02:38 PM

අනපේක්ෂිත මොහොතක ප්‍රංශයේදී අකාශ කුසුම් බලන්න ලැබීම තුළින් තමයි මම නිම්මිගේ රංගනයක් මුල්වරට දැකගත්තේ.... මට හිතෙන්නේ ඇය රංගනය පිළිබඳව බොහෝ හදාරලා ඇති. විශේෂයෙන් අභිනය ගැන එහෙම.ඉතින් දීපා මේතා වැනි ලෝකප්‍රසිද්ධ අධ්‍යක්ෂක වරියකගේ චිත්‍රපටියක රඟපාන්න ලැබෙනවා කියන්නේ පෙර පිනක් ඵලදීමක්. සුබ පැතුම් නිම්මි..!!!

:       0       22

චුටිමැණිකේ බිබිලේ Saturday, 15 August 2020 03:21 PM

ඔය ඉලව් පොට්ටු ගලවලා දාන්නකෝ ....

:       30       9

RamaniSunday, 16 August 2020 02:19 AM

චූටි මැණිකේ, බොරු ජාති ආලයක් පෙන්නන්න එපා. නැතිනම් ඔය නිම්මි ගැන ඉරිසියාද?

:       0       0

prasadSunday, 16 August 2020 02:19 PM

මේ පොට්ටු දමාගත්ත පින්තූරය ෆිල්ම් එකේ වෙන්න ඇති. පසුතලයත් ඉන්දියන් වගේ...

:       0       0

Siri PereraMonday, 17 August 2020 04:59 PM

ඔයාලටත් එපාවෙලාද? මේ චිත්‍රපටියක ජවනිකාවක්... හරිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 8 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 856 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2492 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site