IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


දින 144ට මන්නාරම සමූහ මිනීවලෙන් පුද්ගලයන් 321ගේ අස්ථි කොටස් මතුවෙයි

තරිඳු ජයවර්ධන (මන්නාරමේ සිට)

දින 144කදී මන්නාරම සමූහ මිනීවලේ කළ කැණීම්වලින් පුද්ගලයන් 321 දෙනෙකුට අයත් අස්ථි කොටස් හමුවූ බව මන්නාරම අධිකරණ වෛද්‍ය විශේෂඥ සහ ප්‍රධාන විමර්ශක සමින්ද රාජපක්ෂ මහතා ලංකාදීපයට පැවසීය.
 
ඒ අතර ළමයින් 28 දෙනෙකුගේ අස්ති කොටස් ද හඳුනාගෙන ඇති බව ඔහු ප්‍රකාශ කළේය.
 
මීටර් 13ක් දිග සහ මීටර් 11ක් පළල ප්‍රදේශයක මේවන විට කැණීම් කටයුතු සිදුකර අවසන් බව කී විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඒවා විශ්ලේෂණය කිරීමට අවශ්‍ය බවද පැවසීය.
 
එම අස්ථි කොටස්වල කාල නිර්ණය කිරීම සඳහා ෆ්ලෝරීඩාවට යවා ඇති සාම්පලවල වාර්ථාව හෙට (14) ලැබීමට නියමිත යැයිද එය ලැබීමෙන් පසු අධිකරණයට කරුණු වාර්ථා කරමින් ඉදිරි විමර්ශන කටයුතු ගැන තීරණය කරන බව ද අධිකරණ වෛද්‍ය විශේෂඥවරයා කීවේය.

ඇමෙරිකාවේ ෆ්ලොරීඩාහි තිබෙන බීටා ඇනලටික් ආයතනයට ජනවාරි 25 වැනි දා මෙම අස්ථි සාම්පල කාබන් කාල නිර්ණය සඳහා බාර දුන් බවත්, ඒ අනුව හෙට (14) එම වාර්තාවේ ඊ පිටපතක් හෙට ලැබෙනු ඇති බවත්, දෘඩ පිටපත් තමාට සහ අධිකරණයට පසුව ලැබෙනු ඇති බවත් සමින්ද රාජපක්ෂ මහතා කීවේය.

සියලුම අස්ථි කොටස් සොයා ගන්නා තෙක් කැනීම් කටයුතු සිදු වන බව ද ඔහු කීවේය.

 



අදහස් (2)

දින 144ට මන්නාරම සමූහ මිනීවලෙන් පුද්ගලයන් 321ගේ අස්ථි කොටස් මතුවෙයි

harimaga Thursday, 14 February 2019 08:35 AM

මේ අස්ථි කොටස් LTTE යුධ සමයේ මරා දැමුණු පිරිසකගේද? නැත්නම් අවුරුදු සිය ගණනක්, දහස් ගණනක් පැරණි ඒවාද? දන්නා කෙනෙක් කියන්න...

:       0       0

BamunuarachchiSunday, 17 February 2019 03:08 PM

එ්කනේ හලෝ "රේඩියෝ කාබන් ඩේටින්" වලට යොමුකරලා තිබෙන්නේ. ලෙහන්න තිබෙන මල්ල ඔබන්න එපා කියන කතාව අහල තිබෙනවා නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site