තරිඳු ජයවර්ධන (මන්නාරමේ සිට)
දින 144කදී මන්නාරම සමූහ මිනීවලේ කළ කැණීම්වලින් පුද්ගලයන් 321 දෙනෙකුට අයත් අස්ථි කොටස් හමුවූ බව මන්නාරම අධිකරණ වෛද්‍ය විශේෂඥ සහ ප්‍රධාන විමර්ශක සමින්ද රාජපක්ෂ මහතා ලංකාදීපයට පැවසීය.
ඒ අතර ළමයින් 28 දෙනෙකුගේ අස්ති කොටස් ද හඳුනාගෙන ඇති බව ඔහු ප්‍රකාශ කළේය.
මීටර් 13ක් දිග සහ මීටර් 11ක් පළල ප්‍රදේශයක මේවන විට කැණීම් කටයුතු සිදුකර අවසන් බව කී විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඒවා විශ්ලේෂණය කිරීමට අවශ්‍ය බවද පැවසීය.
එම අස්ථි කොටස්වල කාල නිර්ණය කිරීම සඳහා ෆ්ලෝරීඩාවට යවා ඇති සාම්පලවල වාර්ථාව හෙට (14) ලැබීමට නියමිත යැයිද එය ලැබීමෙන් පසු අධිකරණයට කරුණු වාර්ථා කරමින් ඉදිරි විමර්ශන කටයුතු ගැන තීරණය කරන බව ද අධිකරණ වෛද්‍ය විශේෂඥවරයා කීවේය.
ඇමෙරිකාවේ ෆ්ලොරීඩාහි තිබෙන බීටා ඇනලටික් ආයතනයට ජනවාරි 25 වැනි දා මෙම අස්ථි සාම්පල කාබන් කාල නිර්ණය සඳහා බාර දුන් බවත්, ඒ අනුව හෙට (14) එම වාර්තාවේ ඊ පිටපතක් හෙට ලැබෙනු ඇති බවත්, දෘඩ පිටපත් තමාට සහ අධිකරණයට පසුව ලැබෙනු ඇති බවත් සමින්ද රාජපක්ෂ මහතා කීවේය.
සියලුම අස්ථි කොටස් සොයා ගන්නා තෙක් කැනීම් කටයුතු සිදු වන බව ද ඔහු කීවේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අස්ථි කොටස් LTTE යුධ සමයේ මරා දැමුණු පිරිසකගේද? නැත්නම් අවුරුදු සිය ගණනක්, දහස් ගණනක් පැරණි ඒවාද? දන්නා කෙනෙක් කියන්න...