(තිලිණි ද සිල්වා)
ඉදිරි තෙදින තුළ දිවයිනේ සියලු අධිකරණවලදී, දින නියම වූ නඩු විවෘත අධිකරණයේ කැඳවීමක් නොකරන බව අධිකරණ සේවා කොමිසම කියයි.
ඒ අනුව හෙට (17) සිට ලබන 20 වැනිදා තෙක් ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය, දිසා අධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණවල නඩු වෙනත් දිනයන් හි කැඳවන බව එම කොමිසම කියා සිටී.
එම නඩු අප්‍රේල් මුල් සතියේ කැඳවීමට තීරණය කළ බව අධිකරණ සේවා කොමිසම කියයි.
COMMENTS
දැනටමත් ගාස්තු ගෙවා ඇති සේවාදායකයින් එදිනටද ගාස්තු ගෙවා ඇතිද යන්න නීතීඥ සංගමය ප්‍රකාශකළ යුතුයි. නැත්නම් කොයිඩ්19න් බේරුවට ගාස්තු අයකළා වෙනවා.
කරුණාකර ඉදිරියට නඩු දින දෙනවිට, උදේ සහ දවල් 12න් පසුව වශයෙන් බෙදා වෙන්කර දින දෙන්න.. එතකොට හවස විභාගයට ගන්න නඩුවලට අදාල පිරිසට උදේ ඉඳන් අධිකරණයේ රැඳෙන්න අවශ්‍ය නැහැ. එතකොට කොරෝනා වැනි ලෙඩ රෝග බෝවීම පාලනය කරගන්නත් පුළුවන්. මිනිස්සුන්ට බොරුවට වරුවක් රස්තියාදු වෙන්න අවශ්‍ය වෙන්නෙත් නැහැ. අධිකරණයේ රැඳීඉන්න පිරිස අඩුවීම, අධිකරණයට ආරක්ෂාව සැපයීමට පහසුවක්...
උසාවියේ හේතුවක් මත නඩු අහන්නේ නැත්නම් නිතිඥ ගාස්තුව කිසිම හිරිකිතයකින් තොරව රු. 10,000-15,000 ගන්නේ නැතුව අවම වශයෙන් එයින් බාගයක්වත් අය කරන්න. මේකට නිතියක් ගෙනාවොත් හොදයි . අහිංසක ජනතාව ගසා කනවා
ලංකාවේ සමහර නිතිඥයෝ ගසා කනවා අහිංසක මිනිසුන්ගේ හිතු ගණන් අය කරනවා. රිසිට් එක්ක දෙන්නේනැහැ. ඇයි මේ අයව විතරක් ආදායම් බදු වලින් නිදහස්කරන්නේ. ආදායම් බදු නිලධාරියෙකුට ගිහින් බලන්න පුළුවන් මේ අයගේ කොතරම් පිරිසක් එනවද බලන්න. ඒ අනුව ආදායම් බදු ගෙවනවද? සමහර නිතිඥයෝ ඉන්නවා සල්ලි ගන්න විතරයි වෙලාව තියෙන්නේ. සේවාදායකයා එක්කක කතා කරන්තාන හරියට නඩුව අධ්‍යනය කරන්න වේලාවක් නැහැ. උසාවියට ගිහින් මොනව හරි කියලා කල් අරගෙන ආයිත් සල්ලි ගන්නවා.