
(සුජිත් හේවාජුලිගේ )
ශ්‍රී ලංකා ජාතික දන්ත වෛද්‍ය ශික්ෂණ රෝහලෙන් ප්‍රතිකාර ලබාගැනිමට පැමිණෙන සියලු දෙනා කොවිඩ් මර්දන එන්නත ලබාගත් බවට තහවුරු කෙරෙන එන්නත් කාඩ්පත රැගෙන එන ලෙස එහි අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන මහතා දැනුම් දෙයි.
සෞඛ්‍ය ආරක්ෂාව සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇතැයි එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය මිගාර ඈපා මහතා ලංකාදීපයට පැවැසීය.
එන්නත් කාඩ් පත ළඟ තිබීම ප්‍රතිකාර කටයුතු වලදී එය රෝගීන්ටද විශේෂ පහසුවක් වනු ඇතැයි පවසන නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ප්‍රතිකාර කටයුතු ඉක්මන් කර ගැනීමටද එය පිටුබලයක් වනු ඇතැයි සඳහන් කළේය.
රට විවෘත කිරීමත් සමග ශ්‍රී ලංකා ජාතික දන්ත වෛද්‍ය ශික්ෂණ රෝහලට පැමිණෙන රෝගීන්ගේ සංඛ්‍යාව සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයිද මිගාර ඈපා මහතා පැවසුවේය.
රෝගීන් දහසකට ආසන්න සංඛ්‍යාවක් දන්ත රෝහලට දිනපතා පැමිණෙන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
කොවිඩ් වසංගත තත්වය නිසා රට වසා දැමීමත් සමග සමහර රෝගීන්ගේ ප්‍රතිකාර කටයුතුද කල් ගියේය.
2025 දෙසැම්බර් මස 18
671
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දන්ත රෝහලට එනවනම් එන්නත් කාඩ්පත රැගෙන එන්න
Siri Perera Thursday, 28 October 2021 11:21 AM
ධන්ත රෝහල් අධ්‍යක්ෂක ධන්ත නාරායන ?