දැනට ඇති ආණ්ඩුවට බහුතරය නැති බව පෙනී යන්නේ යැයි කතානායක කරු ජයසූරිය මහතා ප්‍රකාශ කිරීමත් සමඟ ඇති වූ උණුසුම් තත්ත්වයත් සමඟ පාර්ලිමේන්තුව හෙට උදේ 10 දක්වා කල් තැබිණි.
එම් ඒ සුමන්තිරන් මන්ත්‍රීවරයා ගෙන ආ යෝජනාවකට පාර්ලිමේන්තුවේ දී ඡන්ද විමසීමක් පැවැති බවත්, ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු සභා මැදට පැමිණ කෑ කෝ ගැසූ බවතෙ, ඉන් පසු ඡන්ද විමසීම පැවැති බවත් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමට පෙර අමාත්‍ය ඒ එච් එම් ෆවුසි , පියසේන ගමගේ සහ මනූෂ නානායක්කාර මහත්වරු පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගත්හ.
ඡන්ද විමසන අවස්ථාවේ සෙන්කෝලය රැගෙන යෑමට ද මන්ත්‍රීවරු කිහිප දෙනෙකු උත්සාහ ගත් බව වාර්තාවේ.
දිනේෂ් ගුණවර්ධන මහතා කීවේ සභාවේ කටයුතු හරියට සිදු නොවූ බවයි
කතානායකවරයා පක්ෂපාතීව කටයුතු කළ බව ද ගුණවර්ධන මහතා කීවේය.
(36698)












(ඡායාරූප -ලහිරු හර්ෂණ)
COMMENTS
බහුතරය නොමැති කෙනා බැහැලා යන්න අගමැති පුටුවෙන් රට ස්ථාවර කරන්න එක තමයි දෙපැත්තම කල යුතු දෙය. විශ්වාස භංගය ගෙන්ත පරාජය කරන්න. කව දුරටත් රට අස්ථාවර නෙෘකල යුතුයි. රට බෙදුවත් , රට විකුණුවත් ,විනාශ කලත් කල යුතු දෙ බහුතරය නොමැති නමි ඉවත් වීමයි. මහා මැතිවරණයක් තියා මරණාධාර සමිතියක ජන්දයක් වත් මෙි රටට දොහි බලවෙිගයන් ගෙන් ලබා ගත නොහැක .
දැන්නම් කරුණාකරලා මහජනතාවට ඡන්දයක් දෙන්න. මේක විකාරයක්නෙ.
මහින්ද රාජපක්ෂ මහත්තය ගොඩ නගාගත් දේවල් මෛත්‍රී සති දෙකෙන් බිමට සමතලා කරා.
වහාම ජනමත විචාරණයක් සඳහා ක්‍රියාමාර්ග ගත යුතුයි. 2018 වත්මන් පාර්ලිමේන්තුවේ නියෝජිතයින් යනු ජනතාවගේ බහුතර කැමැත්ත හෝ මතය නොවන නිසා මහා මැතිවරණයකට යාමට ජනමත විමසුමක් අපට අවශ්‍යයි.
මහින්දට බහුතරය නැති බව මුළු ලොකයටම ප්‍රචාරය වෙලා ඉවරයි.
අදාල නැහැ.....
වහාම ජනමත විචාරණයකට යා යුතුයි. 2018 වර්තමාන පාර්ලිමේන්තුව නියෝජනය කරන අය ගැන අපට විශ්වාසයක් නැහැ. ඒ නිසා මහමැතිවරණයක් පැවැත්වීම පිණිස ජනමතවිචාරණයක් අවශ්‍යයි.
ජනමතය කියන්නේ පාර්ලිමේන්තුවේ ඔලු ගෙඩි 225 නෙවෙයි. ජනාධිපතිතුමනි, අපට පාර්ලිමේන්තු ඡන්දයක් අවශ්‍යයි. කරුණාකර ජනමත විචාරණයක් පවත්වනමෙන් ඉල්ලා සිටිමු. ඉන් පසු අපි ලෝකයට පෙන්වන්නම් ව්‍යවස්ථාවෙන් සහ නීතියෙන් සැම විටම යුක්තිය ඉටුකිමක් නොවෙන බව.
බල පෙරේත්ත කම නිසා මහින්දට තිබු තැනත් නැති කරගත්තා.
මෛත්‍රි අපේ රජතුමාව කෑවා. දැන් ඉතින් මැර බලයෙන් සිටිමු.
හොඳම දේ තමයි හමුදා ආණ්ඩුවක් පිහිටුවන එක... ඡන්දයක් එනකම් !!!
බුදු බණේ මේ බව හොඳටම විග්‍රහකරලා තියෙනවා.
ඊළඟ තුරුම්පුවත් ගහන්න ජනාධිපතිතුමනි. ඒකටවත් කපෝති වෙයිද කියලා බලමු..
මහලොකුවට හිතන් හිටියට ඔබලා කාටවත් ජනතා බහුතරය නෑ. මහජනතාවට ඡන්දයක් දීපල්ලා කවුරු හරි හොද කෙනෙක් පත්කර ගන්න. අපිට වෙන රටකට සංචාරයකටවත් යන්න ලැජ්ජයි.
මේ දේශපාලනය නිසා මිනිසුන් කා කොටා නොගෙන ජාතිවාදි අරගල නොකර නීතියට සහ ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩදී ඡන්දයක් එනතුරු බලාසීටිම වැදගත්ය.
ගරු කතානායකතුමනි එහෙනම් බහුතරයක් ඇති කණ්ඩායමේ නායකයාට අගමැති ලෙස කටයුතු කිරීමට ඇති අයිතිය ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් සාධාරණය කොට රටට, ලෝකයාට ආදර්ශමත් ලෙස නීතියේ ආධිපත්‍යය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වේ යන වග ඔප්පු කොට අපේ රට අපකීර්තියෙන් කඩිනමින් බේරාගන්න...!!!
ඔය කියන බහුතරය පාර්ලිමේන්තුවේ පමණය මුළු රටේම ජනතාවගේ කැමැත්ත බහුතරය පොහොට්ටුවට නොවැ... මේ අය කියන්නේ මොනවාද? ඡන්ද නොතියා බහුතරය බලන්නේ කොහොමද? යූ.එන්.පී. නියාය අපට අදාල නැහැ.. බහුතරය යනු දෙමළ සන්ධාන මුස්ලිම් කොන්ග්‍රස සහ එජාපය නොවේ. බහුතර සිංහල ජනතාවගේ මතය වෙනවාමයි.
බහුතරයින් පන්නා දමමු... රට ගොඩනගමු...
ජනතාවගේ බහුතරය ඔබලාට නැත. මහජන ඡන්දයකට යන්න.