( පුෂ්පකුමාර මල්ලවාරච්චි සහ බටේපොළ විජයසිරි )
දූනගහ බටේපොළ ප්‍රදේශයේ නිවසක තාවකාලිකව පදිංචිව සිටිමින් හෙරොයින් ජාවාරමේ යෙදුණු බව කියන පුද්ගලයකු රුපියල් දස ලක්ෂයක් පමණ වටිනා හෙරෝයින් මත්කුඩු ග්‍රෑම් 108 ක් සමඟ අත්අඩංගුවට ගත් බව දිවුලපිටිය පොලීසිය කියයි.
මීනුවන්ගොඩ හීනටියන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 39 හැවිරිදි සැකකරු ටික කළකට ඉහතදී මෙම නිවස කුලී පදනම මත ලබා ගනිමින් බටේපොළ ප්‍රදේශයට තාවකාලිකව පදිංචියට පැමිණ ඇතැයි මූලික පොලිස් පරීකෂණවලදී හෙලිවී ඇත.
කුලී නිවසේ පදිංචිකරු සම්බන්ධයෙන් පොලිසියට ලැබුණු තොරතුරු පිළිබදව රහසිගතව සොයා බලා මෙම වැටලීම කරනු ලැබ ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු පෙරේදා 25 මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර පැය 72 ක් කාලයක් සදහා රැදවුම් නියෝගයක් ලබාගෙන පොලිසියේ රදවා තබා ඉදිරි පරීක්ෂන පවත්වාගෙන යයි.
මෙම සැකකරුට හෙරොයින්ලබා දෙන පුද්ලගලයන් හා ඔහු බෙදා හරින පෙදෙස් හදුනා ගැනීඹ සදහා තවදුරටත් පරීක්ෂන පවත්වන බව පොලිසිය සදහන් කරයි.

2025 දෙසැම්බර් මස 16
14
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
595
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
දූනගහදී හෙරොයින් ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට