විනීතා එම් ගමගේ
දන්ත වෛද්‍යවරු දත් පිරවුම් යෙදීමේ දී භාවිතා කරන ඇමල්ගම් සඳහා යොදා ගන්නා රසදිය හේතුවෙන් පරිසරයට රසදිය එකතුවන බව පරිසර යුක්ති කේන්ද්‍රය පවසයි.
රසදිය සහ රිදී ටින් හා තඹ යන ලෝහ එක්කර සකසන ඇමල්ගම් සඳහා රසදිය 50% ද අනෙක් ලෝහ වර්ග 50% ක් ද යොදා ගැනේ. මේ පිළිබඳ සිදුවූ පර්යේෂණ අනුව දතක ඇමල්ගම් පිරවුමක් ඇති පුද්ගලයකු උණුසුම් ආහාරයක් ගැනීමේ දී රසදිය වාෂ්ප ලෙස සිරුරට අවශෝෂණය කෙරෙන බවත් පිරවුම් ප‍්‍රමාණය හා ඒවායේ විශාලත්වය අනුව නැනෝ ග‍්‍රෑම් 3000 සිට 17000 ක් අතර ප‍්‍රමාණයක් දිනපතා සිරුරට අවශෝෂණය වන බව පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතා පැවැසීය.
එමෙන්ම දන්ත ශල්‍යාගාරවල අපවහන ජලය හරහා මෙන්ම මිනිස් අපද්‍රව්‍ය, රසදිය වාශ්ප, මළසිරුරු භූමිදානය කිරීමේ දී හා අදාහනය කිරීමේ දී ද පරිසරයට රසදිය එක්වන බව විතානගේ මහතා කීය.
ජාත්‍යන්තර පර්යේෂණයන්ට අනුව රසදිය විමෝචනයන් වසරකට මෙට‍්‍රික් ටොන් 260 ත් 340 ත් අතර ප‍්‍රමාණයක් සිදුවන බව පැවසූ හේමන්ත විතානගේ මහතා එයින් වායුගෝලයට මෙට‍්‍රික් ටොන් 50ත් 60 ත් අතර ප‍්‍රමාණයක් ද මතුපිට ජලයේ මෙට‍්‍රික් ටොන් 35ත් 45 ත් අතර ප‍්‍රමාණයක් ද පවතින බව පැවසීය.
මේ තත්ත්වයන් යටතේ නිරාවරණ්‍ය වන රසදිය මාත‍්‍රාව අනුව එකිනෙකාට ඇති සෞඛ්‍යමය බලපෑම වෙනස් වන බවත් ස්නායු වලට විෂ වන රසදිය හේතුවෙන් රුධිර සංසරණ පද්ධතිතයට ප‍්‍රතිශක්තිකරණ සහ ප‍්‍රජනක පද්ධතියට බලපෑම් සිදුකරන බව කී විතානගේ මහතා මධ්‍ය ස්නායු පද්ධතියට මෙන්ම වකුගඩු අක්මාව සහ ප‍්‍රතිශක්තිකරණ කි‍්‍රයාවලියට ද බාධා පැමිණෙන බව ද සඳහන් කළේය.
කම්පනය නින්ද අවහිර වීම මානසික ස්ථායිතාව නැතිවීම වැනි රෝග තත්ත්වයන්ට ද මෙසේ රසදිය විෂවීම හේතුවන බවත් ගැබිණි මව්වරුන්ගේ කළල බන්ධය හරහා ගොස් කළලයේ වර්ධනයට බලපෑම් ඇති කරන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
එමෙන්ම තවත් අධ්‍යයනයකට අනුව මවගේ හිසකෙස් වල මෙතිල් මර්කරි ප‍්‍රමාණය මිලියනයකට කොටස් එකකින් වැඩි කිරීමට ප‍්‍රමාණවත් රසදිය වල බලපෑම් ඇති කිරීමට සමත් ප‍්‍රමාණයක් උපදින දරුවාගේ බුද්ධී මට්ටම සියයට දශම 7 කින් අඩු වන බව හෙළි වී ඇතැයි කීය.
රසදිය සඳහා නිරාවරණය වන සෞඛ්‍ය සේවකයින්ගේ සෞඛ්‍ය පිළිබඳ දැක්වෙන පරිදි තුර්කියේ ඉරානයේ සහ ඊජිප්තුවේ සිදුකරන ලද පර්යේෂණයකින් පෙන්වා දෙන්නේ දන්ත වෛද්‍යවරුන්ට වඩා දන්ත ශල්‍ය සහායක සේවකයින්ගේ මුත‍්‍රාවල රසදිය ප‍්‍රමාණයන් වැඩි බව යැයි ද එය රුධිර ලීටයට මයික්‍රො ග්‍රෑම් .79ක් පමණ වන බවද හෙලිවී ඇතැයි හෙතෙම සඳහන් කළේය.
මේ තත්ත්වයන් යටතේ ඇමල්ගම් ඉවත් කර ඒ වෙනුවට වෙනත් ආදේශක යොදාගන්නා ලෙස පරිසර යුක්ති කේන්ද්‍රය ඉල්ලා සිටින බව කී විතානගේ මහතා වහාම ක‍්‍රියාත්මක වන පරිදි දරුවන් හා ගැබිණි මවුවරුන්ගේ දත් පිරවුම්වල දී ඇමල්ගම් භාවිතයෙන් ඉවත්වන ලෙස දන්ත වෛද්‍යවරුන්ගෙන් ඉල්ලා සිටින බව සඳහන් කළේය.
විතානගේ මහතා මේ අදහස් පළ කළේ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීම් ආයතනයේ අද (19) පැවැති මාධ්‍ය හමුවක දීය.
COMMENTS
මොනවා කතා කරනවද? මේ දත් පුරවන රසදිය බින්දුව ගැන. ලංකාවේ අබිලි යකඩ එකතු කරන්නේ රසායන විද්‍යාව නොවෙයි. රසදිය කියන්නේ මොනවද කියලවත් නොදන්නා නාඩාර් මුදලාලිලා. දවසක් මම දැක්කා මහරගම අබිලි යකඩ එකතුකරන තැනක මිදුල පුරාවටම රසදිය කිලෝ ගණනක්. මේ මොනවද කියලා දන්නවද කියල ඇහුවම "දිය ඇලුමිනියම්ලු" කොහේ හරි පරික්ෂණාගරයක හෝ කර්මාන්ත ශාලාවක ඉවත් කරන බඩුගෙනත් ඒවාගේ කෑලි කඩලා විවිධ ලෝහ වෙන වෙනම වෙන් කරනකොට ඒ උපකරණයක් ඇතුලේ තිබුණු රසදිය. මම උපදෙස් දෙන්න ගිහින් තව ටිකෙන් දැලිපිහි පාරක් කනවා. වරද ඒ නූගත් මිනිසුන්ගේ නොව උගත් යැයි කියන අයගේ. මේවා වෙන්දේසි දැමීමට පෙර සොයා නොබලා වැරදි අය අතට පත් කිරීම... මේ විදිහට මුළු රටේ ජල මූලාශ්‍ර, භූගත ජලය වසර සිය ගණනකට පිරිසිදු නොවන ලෙස දූෂණය වෙලා ඉවරයි. ඒත් කිසිවෙක් මේවා ගණන් ගන්නේ නෑ. රටේ ඉදිරි පරම්පරා ගණනක් විනාශ කළ අපි "ලිප ගිනි මෙලවෙන තෙක් දිය සැලියේ, කකුළුවා සැපයක් මැයි දිය කෙලියේ" වගේ සල්ලි පස්සේ, දේශපාලන පක්ෂ පස්සේ දුවමින් මුහුනු පොතේ චණ්ඩියෝ වෙලා. කිසිවෙක් ක්‍රියාකාරීව මැදිහත් වෙන ගතියක් රටේ නෑ. අපේ දරුවෝ අවයව දියවෙන රෝග, පිළිකා වලින් මියැදෙන විට අපට ශාපකරයි.
ඉතා හොඳ විවේචනයක් වගේම අදහසක්... ඔබට මගේ ප්‍රණාමය.
ලෝකෙ කොහෙත් රසදිය විස වීමක් වාර්තාවෙලා නෑ දත් පුරෝන නිසා. ලංකාවෙ රජයේ රෝහල් වල රසදිය පාවිච්චි කරන්නෙ නෑ. දැන් වසර කිහිපයක ඉදන්. ඔය කියන රසදිය විසවීම් ගැන ලෝක වාර්තා පෙන්නන බොරු නොකිය
ඔය අබලි ද්‍රව්‍ය එකතුකරන තැන් මුළු ලංකාවේම ඔය වැඩේ කරනවා. ඕව නියාමනය කරන්න රජය මැදිහත් විය යුතුය...
දත් පුරවා ඇත්නම් රසදිය සිරුරට එක්වෙන බව. සෞඛ්‍යයට මුල් තැන දෙන කැනඩාව වගේ රටවල් දන්නේ නැද්ද? ඒ රටවල දත් පිරවීමේදී ඇමල්ගම් භාවිතා කරන්නේ නැද්ද? ලොකු මාළු ආහාරයට ගන්න අපගේ ශරීරයට ඇතුල් වෙන රසදිය දත් පිරවීමේදී ඇතුල් වෙන රසදිය වලට වඩා වැඩි නැද්ද?
විතානගේ මහතා ගොවියන් ඉදිරියේ නැනෝ තාක්ෂණයෙන් නිමවන ලද අමුඩයක් පෙනේවි... අන්තිමට මොකද වුණේ කියලා පේනවනේ...
මෙයා මේ පණ්ඩිතකම පෙන්නන්න දාපු එකක්, කොයි කාලේ ඉඳන්ද ඕවා කරන්නේ? මෙයාගේ බොරු පණ්ඩිත ටෝක්...