(නිමල කොඩිතුවක්කු)
ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකී ගොස් දෙමසක් ඉක්ම ගොස් තිබියදීත් රටේ ජාතික ආරක්ෂාවට මෙතරම් සංවේදී දත්ත පද්ධතියක් සමඟ සෙල්ලම් කළ මහ මොළකරු සොයාගැනීමට සමත්කමක් නැති ආණ්ඩුවකින් බැඳුම්කර හොරුන් හෝ පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් සොයාගනු ඇතැයි සිතීමත් විහිළුවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රටට සිදු වූ බොහෝ ව්‍යසනකාරී සිදුවීම් පිටුපස සිටින අදිසි හස්තය වසන් කිරීමටත්, මහ මොළකරුවන්ට පලා යාමට දොරටු විවර කරදීමත් වත්මන් ආණඩුව යටතේ මුල සිටම සිදුවන්නක් වන අතර ඒ පිළිබඳව විපක්ෂය ලෙස සමඟි ජනබලවේගය සිය දැඩි අවධානය යොමුකර ඇති බවත් විපක්ෂ නායකවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
"ශ්‍රී ලංකා රජයේ ක්ලවුඩ් දත්ත පද්ධතියේ ගබඩා කර තිබූ ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකී මේ වනවිට මාස 02ක් ඉක්මවා තිබේ. මෙලෙස ‘අතුරුදහන්’ වී ඇත්තේ රටේ ආරක්ෂාවට බලපාන සංවේදී තොරතුරු පොදු දේපළකි.
මෙම බරපතල වරද පිළිබඳව ආණ්ඩුව ක්‍රියාත්මක වෙමින් සිටින්නේ අතිශය මන්දගාමී ස්වරූපයකින් ය. තවමත් මේ සිද්ධියට අදාළව විමර්ශන සිදුවන අතර නිශ්චිතවම වගකිය යුතු පුද්ගලයින් අනාවරණය කර නැත. මෙවන් ව්‍යසනයක් සිදුව තිබියදීත් ඒ පිළිබඳව ඇල්මැරුණු ස්වරූපයකින් කටයුතු කළ හැක්කේ අදාල දත්ත මැකීමෙන් ආශිර්වාදයක් වූ අයෙකුට හෝ කල්ලියකට පමණි.
දත්ත මැකීයාම ඖෂධ හා උපකරණ මෙරටට ආනයනය කර නීති විරෝධී අන්දමින් මුදල් ඉපැයීම සිදුකරන ඖෂධ මාෆියාවේ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස මෙය මැකීයාම සිදුවූවා විය හැකිය යන්න නීතිපති දෙපාර්තමේන්තුව විසින් පවා අධිකරණයේදී අවධාරණය කරනු ලැබීය.
කොරෝනාව ගරානාවක් බවට පත්කරගත් කල්ලි විසින් ආණ්ඩුව සිය ග්‍රහණයට ගෙන ඇති අතර මෙම දත්ත අතුරුදහන් වීමේ කුප්‍රකට සිදුවීම පිටුපසද එවැනි කල්ලියක හස්තය ඇතිබවට අතිශය සාධාරණ සැකයක් මලුමහත් සමාජය තුලම පවතී.
COMMENTS
දත්ත මැකු මොලකරු නැහැලු සොයාගෙන......... "දතා" කොහෙද කියා බැලුවොත් නරකද පුතානෝ..... රෙද්ද අස්සේ ඉන්න දතා මක්කට සොයමුද යාළු.... බොරුවට මම කෑගැහුවේ විපක්ෂේ ලොක්කානෝ.....
සජිත් මහත්තයෝ වටේටම කෑගහන්න ඉස්සෙල්ලා අර අරයගෙනුයි එයාගෙ චතුර කටක් තියෙන පුතාගෙනුයි අහල ඉන්නකො
ඥාණසාර හාමුදුරුවන්ගෙන් ඇහුවොත් කියයි කවුද කියලා
දන්නේ නැහැ නේද? හොර ගෙඩියා. මිනිහ ඔයාට පිටිපස්සෙන් හැංගිලා ඉන්නේ. අපිට කියන්න එපා. මොකද, මහින්ද එයාව අත්අඩංගුවට ගන්නෙත් නැහැ. ඔයා බලයට ආවත්, එයාව අත්අඩංගුවට ගන්නේ නැහැ. අපිට අපි ගැනම පව් කියල හිතෙනවා.
2019 පාස්කු ප්‍රහාරය වෙලා මාස හය හතකට පස්සේ ජනාධිපතිවරණයට ඔබතුමා ඉල්ලනකොටත් ඔබේ ආණ්ඩුවට බැරිවුනානේ ඒක විසඳන්න. ඉතින් ඔබ මාස දෙකෙන් මේකේ ප්‍රතිඵල ඉල්ලන එක හරිද.
ඇයි දත්ත මෑකූ අදිසි හස්තය වලවෙට්ටුවා ගෙ පැත්තෙද ? සෞඛ්‍ය ඇමති කම එහෙම දැරුවෙ. නැව් එහෙමත් තියෙනවලු. දෙගොල්ලම දෙගොල්ල ආරක්ෂා කරගන්න නිසා වැඩේ යට යන්නත් ඉඩ තියෙනවා. චන්න සර් අවංක වුණාට බෑ.ඔය පක්ෂ දෙකේ ඈයො බෙදාගෙන කන්නෙ.
ඔක්කොටම ඉස්සරවෙලා තමන්ගේ සහ පවුලේ පසුගිය අවුරුදුඅ 20 ට ආදායම්, වියදම්, දේපොළ වාර්තාවක් දෙමුද !!
යහපාලන යෙන්ම තමා අහන්න ඹ්න.
ඊළඟට ඊ.පී.එෆ් සහ ඊ.ටී.එෆ් දත්ත
කොහේ අල්ලන්නද .වැඩේ ප්ලෑන් කරලා තියෙන්නේ සූම් තාක්ෂනයෙයි වයිබර් තාක්ෂනයයි හරහා .බොහොම දුර දිග බලලානේ .