IMG-LOGO

2023 ජුනි මස 06 වන අඟහරුවාදා


දිගම ඡන්ද පත්‍රිකාව දැන් මුද්‍රණයේ

(රංජන් කස්තුරි)

ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ දිගම ඡන්ද පත්‍රිකාව මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් සැකසෙන අතර එය මේ වනවිට මුද්‍රණය කෙරෙමින් තිබෙන බව මැතිවරණ කොමිසන් සභාව සඳහන් කරයි.

මෙවර ජනාධිපතිවරණයේ ඡන්ද පත්‍රිකාවේ මුලින්ම සඳහන්ව ඇත්තේ ඇපරැක්කේ පුඤ්ඤානන්ද හිමිගේ නම වන අතර උන්වහන්සේගේ සළකුණ සුනඛයාය.

අකාරාදි පිළිවෙළ අනුව සැකසෙන ඡන්ද පත්‍රිකාවේ නම් සහ සලකුණු පහත සඳහන් පරිදි වේ.

ඇපරැක්කේ පුඤ්ඤානන්ද හිමි  - සුනඛයා

එස් අමරසිංහ  - ලේනා

මොහොමදු ඉල්ලියාම් - පාපන්දුව

ඒ.එච්.එම් අලව් -  ටයරය

ආරියවංශ දිසානායක - රාජාලියා

පී.එම් එදිරිසිංහ -  කැටය

සරත් කීර්තිරත්න - ගිටාරය

චන්ද්‍රසේකර සමන්සිරි - ක්‍රිකට් පිත්ත

සිරිතුංග ජයසූරිය - ත්‍රීරෝද රථය

අජන්තද සොයිසා - අන්නාසි ගෙඩිය

අරුණ ද සොයිසා - මෝටර් කාරය

අනුර කුමාර දිසානායක - මාලිමාව

දුමින්ද නාගමුව - කුළුගෙඩිය

රෝහාන් පල්ලේවත්ත - පොල් ගෙඩිය

ජයන්ත කැටගොඩ - රයිනෝසිරස්

සමන් පෙරේරා - කොඩිය

අනුරුද්ධ පොල්ගම්පොළ - හෙලිකොප්ටරය

මිල්රෝයි ප්‍රනාන්දු - මුවා

සජිත් ප්‍රේමදාස - හංසයා

සීලරතන හිමි - ට්‍රැක්ටරය

බැද්දේ ගමගේ නන්දිමිත්‍ර -  මේසය

සරත් මනමේන්ද්‍ර - දුන්න සහ ඊතලය

එම්.කේ සිවාජිලිංගම් - මාළුවා

එම්.ඒ.එල්.එම් හිස්බුල්ලා - ඔටුවා

ගෝඨාභය රාජපක්ෂ - මල් පොහොට්ටුව

නාමල් රාජපක්ෂ -  කණ්නාඩි කූට්ටම

ඒ.එස්.පී ලියනගේ - කැන්ගරුවා

අශෝක වඩිගමංගාව - ඇපල් ගෙඩිය

පියසිරි විජේනායක - පලිහ

අජන්තා පෙරේරා - බැලුනය

රාජීව විජේනායක - බකමූණා

පානි විජේසිරිවර්ධන - කතුර

සමරවීර වීරවන්නි  - කළු ලෑල්ල

සුබ්‍රමනියම් ගුණරත්නම් - දුරකතනය

මහේෂ් සේනානායක - විදුලි බුබුල

 

 



අදහස් (20)

දිගම ඡන්ද පත්‍රිකාව දැන් මුද්‍රණයේ

කමල් Sunday, 13 October 2019 02:19 PM

සුනඛයා? මට මේක දැකපු ගමන් හිනා ගියා.

:       0       12

Sampath Sunday, 13 October 2019 02:28 PM

ජාතික අපරාධයක්.... මේවට ගෙවන්ඩ වෙන්නෙ සාමාන්‍ය මිනිහට. ඔය ජන්දෙ ඉල්ලන දේශපාලුවන්ට නෙවෙයි

:       0       5

Raveendra Sunday, 13 October 2019 02:36 PM

අප එකිනෙකා අතරේ බෙදීම් පැහැදිලිවම පෙන්නුම් කරන මෙන්ම හොදම සාක්ෂිය මෙය නොවේද ??

:       0       24

Perera Sunday, 13 October 2019 06:00 PM

ඔය පත්‍රිකාවෙන් කොපියක් රාමු කරලා අර නෙලුම් කුලුනේ එල්ලුවනම් හරි "ලංකාවේ දිගම" "ලංකාවේ උසම" කියල මිනිස්ස්සුන්ට බල බල ඉන්න.

:       1       28

sudath Sunday, 13 October 2019 09:48 PM

ඇප රාජසන්තක වන අපේක්ෂකයන් විශාල දඩ මුදලකට යටත් කලයුතුය. තම ජයග්‍රහණ හැකියාව පිළිබඳව හරිහමන් තක්සේරුවක් නොමැතිව මහජන මුදල් නාස්තියට ඉඩකඩ සැලසීම පිළිබඳව.

:       1       161

සමන් ඔස්ට්‍රලියා . Monday, 14 October 2019 12:42 AM

දැන් ඡන්ද පෙට්ටි පිටරටින් ගේන්න ඕන කිව්වා. අඩුගානේ අපේ රටේ වඩු බාස්ලා ටිකක් නැද්ද ඕක හදා ගන්න. ඕකට ගුවන් ගාස්තු කීයක්ද. අපේ රටට ගිය කල. දේශයට වෙන විපත්තිය

:       1       40

Udaya Monday, 14 October 2019 01:16 AM

මේ බොහෝ දෙනෙක් කරන්නේ ජනාධිපතිවරණය සැහැල්ලුවට ලක් කිරීමයි. නැතිනම් දිනන්න කොහෙත්ම බැරි බව දැන දැන ඉල්ලන්නේ ඇයි. සමහරුන්ගේ පටු පුද්ගලික බලාපොරොත්තු වලට ජනාධිපතිවරණය වැනි වටිනා දෙයක් සැහැල්ලුවට පත්කරන්න නොදිය යුතුයි. මගේ අදහසනම් ඇප මුදල මීට වඩා ගොඩාක් වැඩිකල යුතුයි යන්නයි. මෙයින් යම්කිසි ප්‍රමාණයක් හෝ බොරුවට ඉල්ලන්නන් අඩුකල හැකිය. ඡන්ද පත්‍රිකාව අඟලකින් වැඩිඋනා කියන්නේ කොටි 1.7ක් මුද්‍රණය කරන්න කොපමන මුදලක් යනවාද? ඒවා ජනතාවගෙ මුදල් නොවෙද?

:       1       25

sunil perera Monday, 14 October 2019 01:37 AM

මේ ඡන්ද පත්‍රිකාව දැක්කම ගම්‍ය වන අදහස තමා ලෝකේ පාලනයවන දේශපාලනයේ පතුලේම වසන අසරණයෝ ඉන්නේ මේ අබ ඇටයක් වගේ රටක යන බව.

:       1       3

nisha Monday, 14 October 2019 03:21 AM

ඔච්චර දිගනම් මිටි අය ඡන්දෙ දාන්නේ කොහොමද උස අයට නම් හොඳයි

:       0       2

nimal Monday, 14 October 2019 04:05 AM

අපි තියන්නෙම ලෝක වාර්තා තමයි . 2014 ආර්ථික වර්දන වේගය 6.7% සිට අද වෙනකොට 1.6% අඩුවෙලා.

:       1       1

naushi Monday, 14 October 2019 04:16 AM

ඔය නාම පත්‍රිකාව දැක්ක ගමන් අපේ රටේ සිටින ජන්ද දායකයන් සහා අපේක්ෂකයන්ගේ මට්ටම අපිට මැනගන්නට පුළුවන්. රටක් සහා ජනතාවක් හැටියට කෙතරම් අඩු මට්ටමක ඉන්නවද.

:       0       1

GOTA Monday, 14 October 2019 05:35 AM

බොරු පොරොන්දු මිස ප්‍රතිපත්ති නැති මේ ප්‍රදාන අපේක්ෂකයන් දෙදෙනාම ප්‍රතික්ෂේප කිරීමට කාලය පැමිණ ඇත.

:       0       6

සැම පැතුම Monday, 14 October 2019 05:39 AM

පොරොන්දු නොව ප්‍රතිපත්ති රටකට අවශ්‍යවෙන බව විස්වාස කරන නිසාම හොර දේශපාලකයින් නැති රටට අවශ්‍ය ප්‍රතිපත්ති සමග එන විකල්පය සමග එක්වෙමු. දැන්වත් තම තමන්ට ලැබෙන පෞද්ගලික ලබා ප්‍රයෝජන පසකලා රට වෙනුවෙන් අනාගත පරපුර වෙනුවෙන් යුතුකම කිරීමට කාලය පැමිණ ඇත.

:       0       1

ඇමෙරිකන් පුරවැසියන් Monday, 14 October 2019 05:44 AM

මිටි උනත් කොට උනත් දේශප්‍රේමී උනත් ඡන්ද පත්‍රිකාවේ යටම නම ලෙහෙසියෙන් සොයාගත හැක. අදුරට දැන්වත් එළියක් දල්වමු. ඇමෙරිකන් රුකඩ (ඇමෙරිකන් පුරවැසියන් හා බලල අත් (ඇමෙරිකන් ගැත්තන් ) පරදවමු.

:       50       132

saman Monday, 14 October 2019 06:40 AM

ශ්‍රී ලංකාවේ වාර්තාව බිඳ දමමින් 2019 දෙසැම්බර් 12 වන දිනට නියමිත ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 139 දෙනෙකු ලියාපදිංචි වී ඇති බව ඇල්ජීරියානු ජාතික ස්වාධීන මැතිවරණ අධිකාරිය (ANIE) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.

:       1       1

රජින්ද Monday, 14 October 2019 07:52 AM

මේ ඉදිරිපත්ව සිටින පිරිස් ආත්මාර්ථකාමී සහ එක් එක් පුද්ගලයින්ගේ දේශපාලන කොන්ත්‍රාත් කිරීමේ කරුමය නිසා මේ රටේ දැන් සිදුවෙන සියල්ලක්ම විහිළුවක් වී තිබේ. මින් ඉදිරියට කිසිඳු මැතිවරණයකදී මෙවන් ඩමී අපේක්‍ෂකයින්ට ඉදිරිපත් වීමට ඉඩ නොදිය යුතු අතර ප්‍රජාතන්ත්‍රවාදීව සුදුසු වඩාත් විශ්වාසනීය අපේක්‍ෂකයින් කිහිපදෙනෙකු පමණක් ජනතාව හමුවේ තැබීමේ වගකීම හා ඊට ගැලපෙන ක්‍රමයක් මැතිවරණ කොමිසම විසින් ඇතිකළ යුතුය.

:       0       3

Ossan Salam Monday, 14 October 2019 09:43 AM

ස්වාධීන අපෙක්ෂකයින්ට නාම යෝජනා දීම පිළිබඳව නැවත සලකා බැලිය යුතුයි. නැතිනම් ලබන වාරයේ අඩි හයක ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන්න සිදුවේවි.

:       0       0

හසිත Monday, 14 October 2019 12:01 PM

මේවා හරිම විහිලු.අපිට නම් දෙකොනින්ම හිනා යනවා. ඡන්ද ලකුණට පඩික්කම විතරයි අඩු..........

:       0       2

sampath Monday, 14 October 2019 12:14 PM

25% ගන්න බැරිවෙන සියලුම අපේක්ෂකයන් ගණනෙන් බෙදලා අමතර මුදල් වලට කරගන්න දෙයක් නැත්නම් දේපොළ රජ සන්තක කරන්න. මේක ප්‍රාදේශීය සභාවක් නෙවේ. ජනාධිපතිවරණයක්.

:       0       7

sampath Monday, 14 October 2019 12:15 PM

ලබන පාර 5000 ක් ජන්දේ ඉල්ලුවොත් මොකද කරන්නේ? අඩි 200 ක ජන්ද පත්‍රිකාවක් මුද්‍රණය කරනවද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

මුත්‍රා පිරවූ බෝතලයකින් ලංගම රියැදුරාට ගහලා
2023 ජුනි මස 05 286 0

දිවුලපිටිය ලංගම ඩිපෝවට අයත් බස් රථයක රියැදුරකුට මිනුවන්ගොඩ බස් නැවතුම්පොළේ දී ප්ලාස්ටික් බෝතලයකට මුත්‍රා පුරවා පහර දීම හේතුවෙන් රියැදුරා සහ එම බස් ර


තිස්ස ප්‍රා.ලේට තනතුර එපා වේ
2023 ජුනි මස 05 1310 0

රජයේ ප්‍රබල නිලධාරියකුගෙන් සහ දේශපාලන අධිකාරියේ ප්‍රබලයන්ගෙන් රාජකාරියට එල්ලවන බලපෑම් නිසා තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් තනතුර අතහැර මාරුවක් ලබා ය


කොට්ඨාස නවයක නාය අනතුරු
2023 ජුනි මස 05 102 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින අධික වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීමේ අවදානම් න


සිනමා හලෙන් හමුවූ රන් මාලය වසරකට පසු හිමිකරුට දෙයි
2023 ජුනි මස 05 903 0

කොළඹ සිනමා ශාලාවක් තුළ වැටී තිබියදී මීට වසරකට පමණ ඉහතදී අහුලාගත් රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා රන් මාලයක් සුරැකිව තබාගෙන සිටී චිත්‍රපටි නිෂ්පාදකවරයකු


ශ්‍රී ලංකාව පදක්කම් සටහනේ සිවුවැනි තැනට
2023 ජුනි මස 05 401 0

දකුණු කොරියාවේ පැවැත්වෙන වයස 20 න් පහළ ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාව රන් පදක්කම් දෙකක් සමගින් පදක්කම් 5 ක් දිනාගනිමින් අද (5) පස්වරු


ගිරිතලේ කඳවුරේ කඩේ කඩා ලක්ෂ දෙකක දුම්වැටි උස්සලා
2023 ජුනි මස 05 240 0

ගිරිතලේ යුද හමුදා පොලිස් සේවා බළකා කඳවුරට අයත් සුබසාධන අලෙවිහල බිඳ රුපියල් ලක්ෂ 2ක පමණ දුම්වැටි තොගයක් සොරාගෙන ගොස් ඇතැයි මින්නේරිය පොලිසිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි 2023 මැයි මස 29 229 0
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි

මැයි 23, 2023 - කොළඹ දී. දේශයේ රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක බදුපෙර ලාභයක් සහ රු. බිලියන 41.2 ක ඒකාබද්ධ රක්ෂණ වාරික අදායම් අගයක් වාර්තා

ආබාධිත පුද්ගලයින් සමාජගත කිරීම සඳහා අපි වඩාත් ක්‍රියාකාරී විය යුතුයි 2023 මැයි මස 26 1348 1
ආබාධිත පුද්ගලයින් සමාජගත කිරීම සඳහා අපි වඩාත් ක්‍රියාකාරී විය යුතුයි

ආබාධිත තත්ත්වයන් හේතුවෙන් වෙනස්ව සැළකීම හා සබැඳි කථිකාවන් වෙනස් කිරීම තුළින් ඒ පිළිබඳව ඇති අපකීර්තිය වෙනස් කිරීම පිණිස Linea Aqua සමාගම හා එක්ව, ආබාධිත පුද්

ශ්‍රී ලාංකික සිසුන්ට 1+2 සුදුසුකම් සමග ජීව වෛද්ය විද්‍යා උපාධිය (ව්‍යාධිවේදය පිළිබඳ විශේෂ) දක්වා අධ්‍යාපනය හැදෑරීමට පහසුකම් සැලසීම සඳහා Amrak වෛද්ය විද්‍ය 2023 මැයි මස 23 733 0
ශ්‍රී ලාංකික සිසුන්ට 1+2 සුදුසුකම් සමග ජීව වෛද්ය විද්‍යා උපාධිය (ව්‍යාධිවේදය පිළිබඳ විශේෂ) දක්වා අධ්‍යාපනය හැදෑරීමට පහසුකම් සැලසීම සඳහා Amrak වෛද්ය විද්‍ය

කොළඹ ඩර්ඩන්ස් රෝහලේ අධ්‍යාපනික අංශය වන Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, පසුගියදා ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම විශ්ව විද්‍යාලයක් වන සිඩ්නි තාක්ෂණ

Our Group Site