(සිරංගිකා ලොකුකරවිට)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක්, අද (03) වේගය පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ගල්තලාවක වැදී අනතුරට පත්වී තිබිණ.

පෙරවරු 10.15ට පමණ ගාල්ල දෙසට කිලෝමීටර් 65 ආසන්නයේදී මෙම අනතුර සිදුවිය. මෝටර් රථයේ ගමන්ගත් දෙදෙනාට තුවාල සිදුවී නොමැති බව අධිවේගී මාර්ග පොලිසිය පවසයි.