(සුජිත් හේවාජුලිගේ )

කොරෝනා  ආසාදිතයන් දෙදෙනකු හමුවීම නිසා වසා  දැමුණු දක්ෂිණ අධිවේගී මාර්ගයේ කසාගල පිවිසුමද අද( 28) නැවතත්  විවෘත කෙරුණු බව එම මාර්ගයේ මෙහෙයුම්, නඩත්තු හා කළමනාකරණ අංශයේ වැඩ බලන අධ්‍යක්ෂ මිහාල් ලොඩ්වික් මහතා ලංකාදීපයට පැවැසීය .

එම පිවිසුම දින තුනක් තිස්සේ වසා දමා තිබිණ .

කොරෝනා ආසාදිතයන් දෙදෙනකු හමු වීම නිසා වසා දැමුණු දක්ෂිණ අධිවේගී මාර්ගයේ අපරැක්ක පිවිසුමද  අද හෙටම විවෘත කිරීමට බලාපොරොත්තු වන බව  ලොඩ්ව්ක්  මහතා ප්‍රකාශ කළේය .

කොරෝනා ආසාදිතයන් කිහිපදෙනකු හමුවීම නිසා වසා දැමුණු වැලිපැන්න පිවිසුම මීට දින කිහිපයකට ඉහතදී විවෘත කෙරිණ .

එම මාර්ගයේ කොරෝනා අවදානම මේ වන විට පහව ගොස් ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි .