(ළහිරු හර්ෂණ)
කොට්ටාව අධිවේගී පිවිසුමේ සේවකයන් තිදෙනකුට කොරෝනා ආසාදනය වීම නිසා එහි පිටවීමේ දොරටුව හෙට පෙරවරු 6.00 සිට වසා තැබීමට කටයුතු යොදා ඇතැයි සෞඛ්‍ය අංශ කියයි.
සාමාන්‍ය රථවාහනවලට හෙට පෙරවරු 6.00 සිට එම කොට්ටාව අධිවේගී මාර්ගයෙන් පිටවිය නොහැකි බවද වාර්තා වෙයි.
බස් රථවලට සහ ගිලන් රථවලට පමණක් එයින් පිටවිය හැකිය. කොට්ටාවෙන් ඇතුළුවන වාහනවලට ටිකට් පත් නිකුත් නොකරන බව ද අධිවේදී මාර්ග පාලන ආරංචි මාර්ග කියයි.
අධිවේගී මාර්ගය භාවිතා කරන අයට අතුරුගිරිය හා කහතුඩුව පිටවීම් දොරට භාවිත කරන්නැයි ද දන්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන විකාරයක්ද ? දොරටුවෙන් විසබීජ නාශක දියර යොදා පිරිසිදු කර අලුත් සේවකයන් යොදා ක්‍රියාත්මක නොකරන්නේ කිමද?
මාර වැඩක් නේ කොරෝනා නම් ගාස්තු අය නොකර පිට වෙන්න දෙන එකයි කරන්න ඕන.... මේ ආණ්ඩුව හැමදාම කළේ කොරෝනාව ගරානාවක් කරගත්තු එක තමයි.
දැන් හම්බන්තොට පිවිසුමෙන් ඇතුල් වෙලා කඩවත පිවිසුමෙන් පිටවුණත් රුපියල් 150ට යන්න පුළුවන්. කොට්ටාවෙන් ආවෙ කියලා ඇතුල් වෙද්දී දුන්නු ටිකට් එක නොදී හිටියාම හරි...