(දිලීප් ජයසේකර)
මාතර සිට මත්තල දක්වා ඉදිකෙරෙන දක්ෂිණ අධිවේගි මාර්ගයේ පාලන් හා බෝක්කු ඉදිකිරීමට ගෙනවිත් ඉතිරි වූ කොන්ක්‍රීට් මත්තල ප්‍රදේශයේ කැලෑවක් තුළට දැමීමෙන් මහා පරිමාණ පරිසර හානියක් සිදු වන බව ප්‍රදේශවාසීහු පවසති.
ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ දක්ෂිණ අධිවේගි මාර්ගයේ අන්දරවැව සිට මත්තල දක්වා වූ අදියර හතර කොටසෙහි ඉදිකිරිම් සිදුකරන චයිනා හාබර් සමාගමේ පිරිස් මෙලෙස හොර රහසේ කොන්ක්‍රිට් මැෂින් වල ඉතිරි වන කොන්ක්‍රිට් මෙලෙස කැළැව තුළට බැහැර කරන බවයි.
කිසිඳු ක්‍රමවේදයකින් තොරව මත්තල ප්‍රධාන මන්සන්දියේ සිට කිලෝ මීටර් 04 ක් පමණ දුරට වන්නට කොන්ක්‍රීට් කැලෑව තුළට බැහැර කිරීමෙන් මේ වන විට එම ප්‍රදේශය පුරා දැඩි පාරසරික හානියක් සිදු වී තිබේ.
කැලෑව තුළට කොන්ක්‍රීට් බැහර කිරීමෙන් වන සතුන්ටද දැඩි බලබැමක් ඇතිව තිබේ.
මේ සම්බන්ධයෙන් දක්ෂිණ අධිවේගි මාර්ගයේ අදියර හතර කොටසෙහි ඉදිකිරිම් සිදුකරන චයිනා හාබර් කොන්ත්‍රාත් සමාගමේ ප්‍රධාන නිලධාරියා වන ෂාවෝ මහතාගෙන් විමසීමක් සිදු කළද ඔහු ඊට පිළිතුරු ලබා නොදිණි.
කෙසේ නමුත් ජනතාව පවසන්නේ අධිවේගි මාර්ගය ඉදිකරන චීන කොන්ත්‍රාත් සමාගම අධිවේගයේ වැඩ අවසන් වීමෙන් පසු මේ රටින් පිටව යන බවත් ඉන් පසු මේ අක්‍රමවත් ක්‍රියා නිසා පීඩාවට පත්වන්නේ ප්‍රදේශයේ ජනතාව බවත්ය.
මේ නිසා වගකිවයුතු පාර්ශ්ව වහා මේ සම්බන්ධයෙන් සොයා බලා විශාල පරිසර හානියක් සිදු කරමින් මහ කැළයට මුදාහැර ඇති කොන්ක්‍රිට් තට්ටු ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස ජනතාව ඉල්ලා සිටිති.






COMMENTS
අධිවේගයෙන් සිදුවෙන පරිසර විනාශය...
මොන සක්කිලිද මන්ද දෙයියනේ...? මේ යක්කුන්ට පරිසරය ගහක්, කොළක් පෙන්නන්න බැහැ.. ඔය කොන්ක්‍රීට් දාගනිල්ලා ... මම කියන්නේ නැහැ
කොන්ත්‍රාත්කරු සමග අත්සන් කළ ගිවිසුමේ අපද්‍රව්‍ය බැහැර කරන හැටි කියලා ඇතිනේ... නමුත් සල්ලිවලට යටවෙන කාලකන්නි දේශපාලකයන් සහ නිලධාරීන් වගන්ති කියවන්නේ නැතුව ඇති. චීන්නු එහෙම නොකරයිද මන්ත්‍රීලගේ පුටු ඉස්සරහින් කොම්පියුටර් හයි කළාම සන්තෝසයෙන් ඒ පගාව බාරගන්නකොට...
වෙන රටවල නම් පොළවට දිරාපත් වෙන ද්‍රව්‍ය සහ නොදිරන ද්‍රව්‍ය වෙනවෙනම දැමීමට ස්ථාන වෙන්කර තිබෙනවා. බොහෝවිට ඒවා කඳු අතර ඇති පිරවිය කඳු කපා පිරවිය හැකි ස්ථාන. පරිසරයට හානිකර ද්‍රව්‍ය පුරවන්නේ ඒවායින් එන දිය සීරාව මිනිස් පරිභෝජනයට ගන්න ජලය හා මුසුනොවන ස්ථාන වලටයි. එම "ඩම්ප් සයිට්" එකක් වෙත අපද්‍රව්‍ය ගෙනයාමට කිලෝමීටර 15-20ක් පවායාමට සිදුවන අවස්ථා තිබෙනවා. රජය මගින් (රජය යනුවෙන් අදහස් කලේ අර 225ගැන නොවෙයි, ඒ පිළිබඳව දැනීමක් සහ නිසි අධ්‍යාපනයක් ඇති පරිසරවේදීන් ගැනයි) කළයුත්තේ ඒ ස්ථාන රට පුරා හඳුනාගෙන ප්‍රකාශයට පත්කිරීමයි. එවිට නිවාසවල වුනත් එවැනි අපද්‍රව්‍ය, ගෙවල් බිඳ දැමීමෙන් ඉතිරිවන කොන්ක්‍රීට්, පොලිතීන්, රසායන ද්‍රව්‍ය, ගල් බොරළු වැනි දෑ ස්ථානවලට ගෙනගොස් දැමීම අනිවාර්ය කළහැකි වනවා. එසේ නොකළ හොත් නොබෝ දිනකින් මහා පරිමාණ ඉඳිකිරීම් අවට පමණක් නොවෙයි, අපේ ගෙවතු පවා පරිසරයට අහිතකර තත්වයකට පත්වෙනවා. නිවෙස් වල සුළුඅපද්‍රව්‍ය සඳහා වෙනම ස්ථානත් මහාපරිමාණ අපද්‍රව්‍ය සඳහා තරමක් දුරින් වෙනත් ස්ථානත් නම්කල යුතුයි. අපේ නරක වෙලාවට මෙවැනි තීරණ ගැනීමට තබා මළපොතේ අකුරක්වත් නොදන්නවුන් අපි ඒ තීරණ ගන්නට පත්කර යවනවා.
අනිවාර්යයෙන්ම වනජීවී, සහ අදාලවන රජයේ ආයතන වහ ක්‍රියාත්මක විය යුතුයි. නඩු පැවරිය යුතුයි. ඒ වගේම පාඩුව වහාම අයකර ගතයුතුයි.
මේක සෑමතැනම සිදුවෙන දෙයක්. ඉතිරිවන කොන්ක්‍රීට්, ප්‍රමිතියට නැති කොන්ක්‍රීට් ආදිය ඉවත් කරනවා. හැබැයි ඉවත් කරත් මෙව්වා සාමාන්‍ය කොන්ක්‍රීට්වලට වඩා ඉතාම සවි ශක්තිමත්... මිනිස්සුන්ට තියෙන්නේ මේ ඉවත් කරන කොන්ක්‍රීට් ගෙනත් තමන්ගේ වැඩවලට යොදාගන්න එක බොරුවට කෑ ගගහා ඉන්නේ නැතිව. පොඩි පොඩි පාරවල් හදාගන්න එහෙම පුළුවන්. අනික කොන්ක්‍රීට් බවුසරේ රියදුරුට මුදලක් දුන්නා නම් ඕක තමන්ගේ ගෙදෙට්ටම බාගන්නත් පුලුවන්. මෙව්වා ඉවත් කරන කොන්ක්‍රීට් නිසා හොරකමක් නෙමේ... එහෙම කරාට...
මොවුන්ට මොලයක් තියෙනවා නම් ඔය ගමේ අතුරු පාරකට හරි දමලා... ජනතාවට පාරක් හදලා දෙන්න පුළුවන්නේ.., ඔය ඉන්ජිනියර්ස්ලා ඉගෙන ගත්තු අය නෙමේ පත්වීම් හොරෙන් ගත්තු කට්ටිය... අවශ්‍ය ප්‍රමාණය දන්නේ නැත්ද? ඇයි ඉතින් ජනතාවගේ මුදල් නේ.., තමාගේ අතින් යන්නේ නැහැනේ..
කොපමණ හොඳට ගණන් බැලුවත් කොන්ක්‍රීට් ඉතිරි වෙන එක සිදුවෙනවා. මේ රටේ ඉතිරි වෙන කොන්ක්‍රීට් එක තැනකට එකතුකර කළුගල් කඩන යන්ත්‍ර වගේ යන්ත්‍රවලින් කුඩා කැබලිවල කඩා මහා පාරේ යටට දමා. (sub-base) ඒ මත අලුත් මාර්ගය හදන්නේ... මේ රට ඉවත දමන කොන්ක්‍රීට්වලට සලකන්නේ පරිසරය දුෂණය කරන අපද්‍රව්‍යයක් ලෙසයි.
අපේ රටේ ඉංජිනේරුවරු මොකද කරන්නේ? මහාචර්ය කුලසිංහ නේද කිවේ ලංකාවට සුදුසු කොන්ක්‍රීට් පාරවල් කියලා. අනන්තවත් ගම්බද පාරවල් තියනවා නේද වැස්සට මඩ ගොහොරු වන? ඇයි මේ අපතේ යන දේවලින් ප්‍රයෝජන නොගන්නේ? හා ! දැන්නේ මතක් වුනේ "කොමිස් " නිකන් පිළිසකර කළොත් කොමිස් නැහැ.
මොලයක් තියෙන මිනිහෙක් ඔය පැත්තේ හිටියා නම් මෙම කොන්ක්‍රීට් ඇති ප්‍රයෝජනයක් ගන්නවා. කැඩිලා තියෙන පාරවල්වලට දාලා හරි ගෙයක් හදන කෙනෙක්ට ගන්න පුළුවන්... මම අපේ පාරේ හදන බිල්ඩිමක ඉතුරු කොන්ක්‍රීට්වලින් අපේ පාරේවලවල් ඔක්කොම වහලා දැම්මා. ගෙනාපු රියදුරාට පොඩි ගානක් දුන්නා...
ඉතිරි වන කොන්කී්‍රට් අහළ පහළ පුද්ලගයකුට දුන්න නම් ඔවුන් වැටකණු/ කොන්ක්‍රීට් කැට/ විශාල ප්‍රමාණයක් ඇත්නම් ධාන්‍ය වේලීමට කමතක් සැකසීම/.. වැනි යම් ප්‍රයෝජනවත් දෙයකට යොදා ගන්නවනේ. එමඟින් පරිසර විනාශය වැලකෙන අතරම යම් පුද්ගලයන් කීප දෙනකුට හෝ යම් ප්‍රයෝජනයක් ලැබෙන නිසා, ඉදිකිරීම් බලධාරීන් අදාල සමාගම් වලට ඒ සඳහා උපදෙස් ලබා දෙන්නේ නම් ඉතා වටිනවා.