IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


දික්වැල්ලෙන් කඩු පතුරොම් හමුවෙයි

(ක්‍රිෂාන් ජීවක ජයරුක් )

 

දික්වැල්ල යෝනකපුර ප්‍රදේශයේ අද (28) දවස පුරා සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී කඩු හතරක් හා පුහුණු පතොරම් 107 ක් ඇතුළු සැකකටයුතු උපකරණ ළඟ තබාගෙන සිටි මුස්ලිම් ජාතික පුද්ගලයින් 10 දෙනෙකු සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව දික්වැල්ල පොලීසිය පවසයි.

යුද හමුදාව හා පොලීසිය ඒකාබද්ධව එම ගම්මානය වට කර මෙම සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක කර තිබේ.

එහිදී ඉස්ලාමීය ආගමික පොත් ගිනි තබා පුළුස්සමින් සිටි 23 හැවිරිදි තරුණයකු ද පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

ඊට අමතරව සැකකරුවන් සිව් දෙනෙකු සන්තකයේ තිබු කඩු වලින් කඩු දෙකක් මීට පෙර කොළඹ මුස්ලිම් පල්ලියක තිබී සොයා ගත් කඩු වලට සමාන ඒවා බව පොලීසිය සඳහන් කරයි.

පතරොම් තොගය සමඟ අත්අඩංගුවට ගත් සැකකරුගේ නිවස තුළ තිබී විදේශීය රටක ආරක්ෂක හමුදාවක් භාවිත කරන හමුදා නිල ඇඳුම් කට්ටලයක්, දුරදක්නයක් හා පතොරම් බහාලුමක් පොලීසිය සොයා ගෙන ඇත.

ඊට අමතරව අරාබි ජාතිකයකුගේ හැඳුනුම්පතක් ද සොයා ගෙන තිබේ.

මෙම සෝදිසි මෙහෙයුමේ දී එම ප්‍රදේශයේ නිවාස 850ක් පරික්ෂාවට ලක් කළ බව පොලීසිය කියයි.

එහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් පිරිස අද (29) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (1)

දික්වැල්ලෙන් කඩු පතුරොම් හමුවෙයි

සේන Sunday, 28 April 2019 02:51 PM

ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය, විශේෂ කාර්ය බලකාය තම සේවය තිතට කරනවා. ඕවා උසාවි දැම්මට පස්සේ තමයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 347 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site