IMG-LOGO

2024 පෙබරවාරි මස 21 වන බදාදා


දකුණේ විශේෂ විමර්ශන ඒකකය ගැනත් විමර්ශනයක්

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
 
ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන මහතා යටතේ   විශේෂ විමර්ශන ඒකකයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පැවැත්වෙන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

 
මාතර මැද්දවත්තේ ඇපලෝ 05 ගොඩනැගිල්ලේ පවත්වාගෙන ගිය මෙම විශේෂ විමර්ශන ඒකකය ඉදිරි දින කිහිපය තුළදී විසුරුවා හැරීමට නියමිත බව දැන ගන්නට ඇත.
 
එහි සේවයට අනුයුක්ත කර ඇති පොලිස් නිලධාරීන් අවට පොලිස් ස්ථාන වලට අනුයුක්ත කරනු ලැබුවහොත් රත්ගම බූස්ස ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් දෙදෙනා  අතුරුදන් කිරීමේ පරීක්ෂණ වලට බාධාවක් වන නිසා එම ඒකකය විසුරුවා හැරීම ප්‍රමාද කර තිබේ.
 
ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ ප්‍රධාන රාජකාරිය පොලිස් පරිපාලනය සිදු කිරීම බවද විශේෂ විමර්ශන ඒකකයක් පවත්වාගෙන යාම කුමන හේතුවක් මත සිදු කළේද යන්න සොයා බලන බවද උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
 
තවද විනය විරෝධී ක්‍රියාවක් මත   පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු මාතර කොට්ඨාසය භාර පොලිස් අධිකාරී ගයංග හසන්ත මාරපන මහතා විසින් වැඩ තහනමට ලක් කරනු ලැබ ඇති අතර ඔවුන් සුලු කාලයක් තුළදී යළි සේවයේ පිහිටුවා එම ඒකකයටම අනුයුක්ත කිරීමට ද ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන මහතා කටයුතු කර තිබූ බව පොලිස් ආරංචිමාර්ගවලින් පැවසේ.
 
රත්ගම බූස්ස රත්න උදාගම ව්‍යාපාරිකයින් දෙදෙනෙකු නිල නොවන ආකාරයට අත්අඩංගුවට ගෙන අතුරුදන් කළේ යැයි මෙම ඒකකයට චෝදනා එල්ල වී තිබේ. මේ වන විට එම ඒකකයේ පොලිස් පරීක්ෂකවරයකු අත්අඩංගුවට ගෙන ඇත.



අදහස් (6)

දකුණේ විශේෂ විමර්ශන ඒකකය ගැනත් විමර්ශනයක්

Mahee Monday, 18 February 2019 07:00 PM

රන්ජන් කියල තිබුන වගේ පුර්ණ විශ්වාසය තැබිය හැකි ඍජු පොලිස් ප්‍රධානීන් දෙදෙනෙකු ඒ කියන්නේ ලතීෆ් සහ ශානි අබේසේකර මහත්වරුන් අපේ පොලිසියේ සිටීම නිසා අපට යන්තම් හෝ සැනසුම් සුසුමක් හෙලන්න පුළුවන්.

:       1       258

සෙනෙවි Tuesday, 19 February 2019 02:36 AM

මෙවැනි රහස් ඒකක පවත්වා ගැනිම, විශේෂයෙන් මෙවැනි කලක ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වන මරු පහරකි. මේවාට අනුබල නොදෙන පාලකයන් පත්කිරීමට ජනතාව කල්පනාකාරි විය යුතුය

:       0       99

Thilan Tuesday, 19 February 2019 04:32 AM

රත්ගම අතුරුදහන් වුවන් දෙදෙනා අහිංසකයන්ද යන වග දැනගැනීමට අපි කැමැත්තෙන් සිටිමු.

:       118       226

sarath perth Tuesday, 19 February 2019 07:31 AM

මෙතන මොකක්හරි ලොකු කුමන්ත්‍රණයක් තියනවා. කුඩු වලට පුරුදුවුණ දේශපාලකයන් සම්බන්දයක් ඇති.

:       0       237

saliya Wednesday, 20 February 2019 10:39 AM

මේවැනි ඒකක තබාගන්නේ ප්‍රජාතන්ත්‍රවාදය කියන කකුලුවට නිදහස කියන හැලිය රත්වන්න නොදී බොහොම කාලයක් තියාගන්න. පටු ආකල්ප තියන වැඩිය බුද්දිමත් නැතී කට්ටිය හිතන්නේ ලෝකේ හැමතැනම ප්‍රජාතන්ත්‍රවාදය 100% ක්ම ස්ථාපිතයි කියල.

:       0       285

athula Friday, 22 February 2019 05:42 PM

මේක මහා පුදුම පාලන රටාවක් තියෙන රටක්. නිරායුද ජනතාවට බදු බර පමණක් නොව මැරයන්ගේ, මංකොල්ලකාරයන්ගේ රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ කුඩුකාරයන්ගේ , දේශපාලකයන්ගේ මගමරුවන්ගේ, සහ ඩෙංගු මදුරුවන්ගේ බේරිලා ඉන්න බැරි අතිශය ව්‍යාකුල බවක් අද ගොඩ නැගී තිබෙනවා. මෙරට කොහෙටද ගමන් කරමින් ඉන්න එක එකට ඕන විදිහට මිනී මරනවා ඒවා සාධාරනය කරනවා. අහිංසකයින්ට කාගේ පිහිටක්ද ? මෙම ක්‍රමයම වෙනස් කලයුතුමයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පාලකයන් දැන් පරක්කු වැඩියි
2024 පෙබරවාරි මස 21 1 0

පාලකයන් කැමති වුනත් නැති වුනත් සමාජ වෙනස සිදුවීම ඇරඹී ඇතැයි ජාතික ජන බලවේගයේ පත්කළ මන්ත්‍රීනී හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේ දී පැවැසුවාය.


බෑනාගේ ක්‍රිකට්පිති පහරින් මාමා මරුට
2024 පෙබරවාරි මස 21 36 0

පේරාදෙණිය මුරුතලාව කුරුගම ප්‍රදේශයේ පදිංචි වතු කම්කරුවෙකුට ක්‍රිකට් පිත්තකින් පහරදී ඝාතනය කළේ යැයි පුද්ගලයන් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ .


පාර්ලිමේන්තුවේ අමු ගවයෙක් ඉන්නවා
2024 පෙබරවාරි මස 21 290 1

ලංකා ඉතිහාසයේ වැඩිම සංචාරක පිරිසක් ඉන්දියාවෙන් එන මොහොතකදී ඉන්දියාව සමග ඉතිහාසයේ තිබෙන සම්බන්ධතා සමඟ බලා මතයක් ඉදිරිපත් කරන විට ඒවා පට්ට ගහන්නට හදන


බඹරු ඇන විදෙස් ජාතිකයා ඇතුළු තුනක් රෝහලේ
2024 පෙබරවාරි මස 21 103 0

උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල ආරුක්කු නමය පාලම ආසන්නයේදී අද (21 ) දහවල් බඹර ප්‍රහාරයට ලක් වූ ඕස්ට්‍රේලියානු ජාතික පිරිමි පුද්ගලයෙකු සහ ශ්‍රී ලාංකික ජාතික


කර්මාන්ත වැටුණු ගණන් හිලව් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි
2024 පෙබරවාරි මස 21 178 0

මේ වන ශුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර දෙලක්ෂ හාරදාස් එකසීයක් ස්ථිර වශයෙන්ම වැසී ගොස් තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ ද


සිසු සිසු ගැටුමෙන් 17ක් රෝහලේ
2024 පෙබරවාරි මස 21 523 1

රංටැඹේ ජාතික ශිෂ්‍ය භට පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුව සඳහා පැමිණි පාසල් දරුවන් අතර ඇති වු ගැටුමකින්, සුළු තුවාල ලබා ප්‍රතිකාර සඳහා දරුවන් 17 දෙනෙකු මහියං


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 131 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 216 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 245 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site