කොරෝනා වයිරසය වැළඳීමෙන් පසු සුව වූ රෝගීන්ට නැවත රෝගය වැළඳීම සම්බන්ධ වාර්තා අධ්‍යයනය කරමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි.
  
දකුණු කොරියාවෙන් මෙවැනි රෝගීන් 91 දෙනකු වාර්තා වී තිබිණි.
 
 දකුණු කොරියාව පවසා සිටියේ මෙය රෝගීන් නැවත ආසාදනය වීමක් නොව වෛරසය නැවත සක්‍රිය වීමක් ලෙස පෙනෙන්නට තිබෙන බවයි.
 
 සියොල් හි වාර්තා සම්බන්ධව අදහස් දක්වමින් ලෝක සෞඛ්‍ය සංවිධානය මෙසේ පවසා ඇත.
 "මෙම පුද්ගලයින්ගේ වාර්තා අප අධ්‍යයනය කරනවා. අපි අපගේ සායනික විශේෂඥයින් සමඟ සමීපව සම්බන්ධීකරණය වෙමින් මෙම තනි අවස්ථා පිළිබඳ වැඩිදුර තොරතුරු සොයාගැනීමට වෙහෙසෙමු. සැක සහිත රෝගීන් පරීක්ෂා කිරීම සඳහා සාම්පල් ලබා ගන්නා විට නිසි ක්‍රමවේදයන් අනුගමනය කරන බවට වග බලා ගත යුතුය."
ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශයන්ට අනුව කොරෝනා රෝගියෙකුට රෝහලෙන් පිටව යෑමට හැකිවන්නේ පරීක්ෂණ වාර්තා දෙකක් කොවිඩ් රෝගය නොමැති බවට ප්‍රථිඵල ලබා දුනහොත් පමණි.
 
 එක් වාර්තාවක් ලබා ගැනීමෙන් අවම පැය 24කට පසුව අනෙක් වාර්තාව ලබා ගත යුතු බවද ඔවුහු පවසති.
 
"වර්තමාන අධ්‍යනයන්ට අනුව පැහැදිලි වන්නේ රෝග ලක්ෂණ සුළුවෙන් පෙන්වන කොවිඩ් - 19 රෝගියෙකුගේ රෝගය උත්සන්න වීමේ අවස්ථාවේ සිට සම්පූර්ණ සුවය ලැබීම දක්වා සති දෙකක පමණ කාලයක් පවතින බවයි.
 
සමහර රෝගීන් සායනිකව සුවය ලැබූවද කොවිඩ් පරීක්ෂණ වාර්තාවේ පෙන්නුම් කරන්නේ වයිරසය ශරීරය තුළ ඇති බවයි.
 
නමුත් ඔවුන්ගේ සිරුරු තුළ කොපමණ කාලයක් සජීවී වයිරසය පැවතුනේද යන්න වඩාත් හොඳින් අධ්‍යනය කිරීම සඳහා සුවය ලැබූ රෝගියෙකුගෙන් ක්‍රමාණුකූලව සාම්පල ලබාගැනීම අවශ්‍ය වේ." යනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර තිබේ.
 
ඔවුන් වැඩිදුරටත් පවසන්නේ කොවිඩ් - 19 නව රෝගයක් බැවින් වයිරසය පැතිරීමේ පැතිකඩ සම්බන්ධව අවබෝධයක් ලබාගැනීම සඳහා තවත් වසංගත රෝග දත්ත අවශ්‍ය බවයි.
 
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
 2025 ඔක්තෝබර් මස 08										
										
										 1766										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1766										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1450										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1450										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 520										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 520										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
දකුණු කොරියාවේ කොරෝනා දෙවැනි රැල්ලක් ඇරඹේ
Champa Saturday, 11 April 2020 01:10 PM
අලුත් කොරෝනා වයිරසය ගැන විද්‍යාඥයින් තවමත් කරුණු හොයනවා. සාමාන්‍ය අදහස නම් කොරෝනා වැළදිලා සුවවෙන අයගේ සිරුරේ නිපදවුණු ප්‍රතිදේහ වයිරසයට එරෙහිව ක්‍රියා කරනවා කියලා. නමුත් කොරියාවේ මේ සිද්ධ වෙලා තියෙන දේ ඒ අදහස වෙනස් කරනවා. ඇත්තම කිව්වොත් COVID-19 කියන්නේ phantom වයිරසයකින් හැදෙන රෝගයක් වගේ. ඒකෙ හැසිරීම තාම හරියට හඳුනා ගන්නත් බැහැ. ලෝකයේ බොහෝ රටවල් බලා ඉන්නේ එන්නතක් හොයාගන්න තුරු. ඊට පස්සේ මිනිස්සුන්ට එන්නත දීලා සාමාන්‍ය විදිහට ජන ජීවිතය පටන් ගන්න.