IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


දකුණේ උත්සව සීමා කෙරේ

(ඩී.ජී.සුගතපාල)

කොරෝනා වෛරසය පැතිර යාමේ අවදානම හේතුවෙන් මහජනයා වැඩිපුර රැස්වන ස්ථානවල පැවැත්වෙන උත්සව සීමා කිරිමටත් පෙබරවාරි 21 සහ 22 දිනවල මිරිස්ස මහ විදුහලේ පැවැත්විමට නියමිතව තිබු දකුණු පළාත් පාසල් සිසුන්ගේ පරිසර කඳවුර දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය කළ බව දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම් ඒ.යූ.වේලාරත්න මහතා පැවසීය.

දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලි ගමගේ මහතාගේ උපදෙස් පරිදි මෙම තීරණය ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ ආණ්ඩුකාර ලේකම්වරයා කියා සිටියේ මෙතෙක් කොරෝනා වෛරසය වැළඳුන රෝගීයෙක් දකුණු පළාතෙන් හමුවී නැති නමුත් ඕනෑම හදිසි අවස්ථාවකට මුහුණ දිම සඳහා සියලුම රෝහල් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල පැය 24 පුරාම සූදානමින් සිටින බවයි.

පළාතේ කුමන රෝහලකට සැකකටයුතු රෝගීයකු ඇතුළත් කලත් එම රෝගියා කරාපිටිය රෝහලට මාරු කරන බවත් ඒ සඳහා කාරපිටිය රෝහලේ අංක 36 වාට්ටුව වෙන් කර ඇති බවත් දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා දැනුම් දුන් බවත් ආණ්ඩුකාර ලේකම්වරයා පැවසිය.

චිනයේ වූහාන් ප්‍රාන්තයේ සිට මේ වනවිට ලංකාවට පැමිණි සිටින  සිසුන් පමණක් දියතලාව විශේෂිත මධ්‍යස්ථානයට යවන අතර අනෙකුත් සිසුන් තම නිවෙස්වලම සිටින බවත් කොට්ඨාසයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා විසින් සති දෙකක් යන තෙක් ඔවුන් පිළිබඳ විමර්ශනය කරන බවත් ආණ්ඩුකාර ලේකම්වරයා වැඩිදුරටත් පැවසිය.

එයට අමතරව මත්තල ගුවන් තෙටුපොල ගාල්ල,සහ හම්බන්තොට වරාය ආශ්‍රිතව විශේෂ සෞඛ්‍යාරක්ෂිත වැඩසටහන් ක්‍රියාත්මක කර තිබේ.

අහුන්ගල්ල හෝටලයේ සේවය කරමින් සිටියදී අසනීපවීමෙන් රෝහල්ගත කරන ලද මෙරට කාන්තවට කොරෝනා වෛරසය වැළඳි නැති බවට තහවුරු වි ඇති බවත් මුඛ ආවරණ සහ අත් වැසුම් අවශ්‍ය ප්‍රමාණයට රෝහල්වල තිබෙන නමුත් සිරුර සම්පූර්ණයෙන් ආවරණය වන ඇඳුම් කට්ටලවල  හිඟයත් පවතින නිසා හදිසි මිලදි ගැනිම් සඳහා මුදල් වෙන් කිරිමට සූදානම් බවත් ඒ මහතා පැවසිය



අදහස් (0)

දකුණේ උත්සව සීමා කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 497 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site