IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


දකුණේ ආපදාවට පත් වූවන්ට සහන සලසන්න ලක්ෂ 160ක්

(සිරංගිකා ලොකුකරවිට)

අධික වර්ෂාව සහිත කාලගුණය හේතුවෙන් දකුණු පළාතේ හම්බන්තොට සහ මාතර දිස්ත්‍රික්කයන්හි ආපදාවට ලක් වූ ජනතාව වෙනුවෙන් සහන සැලසීම සඳහා ලක්ෂ 160 ක මුදලක් ලබා දීමට දකුණු පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර මහතා අද (30) කටයුතු කළේය.

ඒ අනුව ආපදාවට පත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියළු පළාත් පාලන ආයතන සඳහා ලක්ෂ 10 බැගින් ද ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය සභාවට රුපියල් ලක්ෂ 20 ක මුදලක් සහ මාතර දිස්ත්‍රික්කයේ මුලටියන ප්‍රාදේශීය සභාවට රුපියල් ලක්ෂ 10 ක් බැගින් ද ලබා දීමට ආණ්ඩුකාවරවරයා පියවර ගත්තේය.

ආණ්ඩුකාරවරයා අද පෙරවරුවේ වර්ෂාව හේතුවෙන් ආපදාවට පත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාවගේ සුවදුක් සොයා බැලීම සඳහා එහි නිරීක්ෂණ චාරිකාවකට එක්විය. එහිදී දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන ප්‍රධානීන් තංගල්ල ප්‍රාදේශීය සභාවට කැඳවා මෙම මූල්‍ය පරිත්‍යාගයන් සිදු කරන ලදී. 

එම ප්‍රතිපාදන හරහා ආපදාවට පත් පවුල්වල ජනතාවට කඩිනමින් සහන සලසන ලෙස ද ආණ්ඩුකාරවරයා පළාත් පාලන ප්‍රධානීන්ට නියෝග කළේය.

මෙවැනි ආපදා තත්වයකදී  සහන සැලසීම ආපදා කළමනාකරණ අමාත්‍යාංශයට පමණක් තනිව කළ නොහැකි බවත් ආණ්ඩුකාරවරයා වශයෙන් එය තමන්ගේ ද වගකීමක් හා යුතුකමක් බවත් ගුණසේකර මහතා  මෙහිදී සඳහන් කළේය.

 

 



අදහස් (2)

දකුණේ ආපදාවට පත් වූවන්ට සහන සලසන්න ලක්ෂ 160ක්

Mahee Wednesday, 30 October 2019 02:38 PM

බර වියදම්, නේද? ඩියුටි ෆ්‍රී කාර් එකක පර්මිට් එක විකිණීමෙන් ලැබෙන මුදලින් බාගයක් විතර යනවා නේද? අනේ පවු.

:       0       11

අප්පුහාමි Thursday, 31 October 2019 12:51 AM

ආපදාවන්ට පත්වූ සැමට සහන සැලසීම කළ යුතුය. නමුත් එය ප්‍රාදේශීය ලේකම්වැන්, රජයේ නිලධාරීන් හරහා නොකර මැතිවරණ අවස්ථාවක දේශපාළුවන් හරහා කිරීම ඉතා දැඩි ලෙසටම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමකි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 577 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1087 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site