තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් කේප් ටවුන්හි නිව්ලන්ඞ්ස් ක්‍රීඩාංගණයේදී අද (19) පැවැති පළමු විස්සයි-20 තරගයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම සුපිරි ඕවරය ජයගත්තේය.
දෙපිලේම ලකුණු (134) සමවීම හේතුවෙන් ලසිත් මාලිංග විසින් යවන ලද සුපිරි ඕවරයේදී ඬේවිඞ් මිලර් (13) සහ රාසි වැන්ඩසන් (1) එක්ව ලකුණු 14 ක් ලබාගත්හ. ශ්‍රී ලංකාව වෙනුවෙන් පිටියට පිවිසි තිසර පෙරේරා (02) සහ අවිශ්ක ප්‍රනාන්දුට (01) ඉම්රාන් තහීර් විසින් යවන ලද සුපිරි ඕවරයේදී ලබාගත හැකිවූයේ ලකුණු 03 ක් පමණි. අනෙක් ලකුණ වයිඞ් පන්දුවකින් ලැබිණ.
දකුණු අප්‍රිකාව මෙම ජයත් සමග 1-0 ක් ලෙසින් තරගාවලියේ පෙරමුණ ගත්තේය.

තරගයේ වැඩිවිස්තර සඳහා https://tinyurl.com/y2ynfcws වෙත පිවිසෙන්න.
- 048
COMMENTS
කල්ලිවාදය මාලිංග නායකයාව සිටිනතුරු තිසර පෙරේරා ලකුණු ගසන්නේ නැත. කමිඳු මෙන්ඩිස්ව සහ ඉසුරු උදානව එව්වා නම් තව ටිකක් ලකුණු ගන්න තිබුණා. මේ කුහකයන් ක්‍රීඩාවෙන් ඉවත් කළ යුතුයි.
අපේ කණ්ඩායමට දනීනම් දකුණු අප්‍රිකාවට ඕවර 1, අපට ඕවර 5ක් දෙන්න ඕනෑ..
ඕවර 2ක් දුන්නා නම් අපේ අය දිනයි.. නමුත් පොඩ්ඩක් සතුටුයි එහෙම හරි තැනකට ආවා කියන එකට... මොනවා වුණත් අපේ උපන් රට..
ලෝක කුසලාන නායකත්වය දික්වැල්ලට දුන්නොත් අපි කුසලානේ දිනයි.
යම් මට්ටමකින් හෝ අපට සතුටු වෙන්න පුළුවන් මෙම තරගයෙන්... උනන්දුව කැපවීම හොඳින් ප්‍රගුණ කළොත් මේ දරුවන්ට නැවතත් ලොකු දෙයක් කිරීමට පුළුවන් වෙයි...
කමක් නැත කොල්ලනි. නුඹලා හොඳ තරඟයක් දී පැරදුණා. කවුරු හෝ එක පැත්තකට පමණක් දිනුම ලැබුණා. ඒ කියන්නේ නුඹලා දිනුම්...
දුවද්දී දැවීයාමක් තිබ්බා කියලා පත්තරෙන් දැනගනී....
කණ්ඩායමේ ක්‍රීඩකයන් 8 දෙනෙකු කතෝලිකයන්... අන්ජෙලෝගේ උත්සාහය ලෝක කුසලානෙට සම්පූර්ණ කතෝලික කණ්ඩායමක් ක්‍රීඩා කරවීමයි...