IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


තිළිණ ගමගේ නඩුවේ වැඩිදුර විභාගය කල් යයි

(මනෝප්‍රිය ගුණසේකර)
 
 
බලපත්‍රයක් නොමැතිව අලි පැටවකු ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් වැඩ තහනමකට ලක්වී සිටින කොළඹ හිටපු අතිරේක මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඇතුළු විත්තිකරුවන් සිව්දෙනාට එරෙහි නඩුවේ වැඩිදුර විභාගය ලබන ජුලි 03 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (30) නියම කළේය.


මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී එහි පළමු විත්තිකරු වන චන්ද්‍රරත්න යටවර නමැත්තා රෝගීව නේවාසිකව ප්‍රතිකාර ලබන බවට ඉදිරිපත් වු කරුණු සළකා බැලු විනිසුරුවරයා එලෙස නියම කළේය.


මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී වැඩ තහනමකට ලක්වී සිටින හිටපු මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඇතුළු විත්තිකරුවන් සිව්දෙනා අධිකරණයේ පෙනී සිටියහ.


2008 නොවැම්බර් 06 වැනිදාත් 2015 මැයි 18 වැනිදාත් අතර කාලයේ මීගොඩ ගොඩගමුවේදී නිසි බලපත්‍රයක් නොමැතිව පොදු දේපලක් වන අලියෙකු ලඟ තබා ගැනීම සඳහා කුමන්ත්‍රණය කිරීම, ඒ අනුව වනයෙන් අල්ලා ගන්නා ලද ‘සකුරා’ වශ්‍යයෙන් හඳුන්වනු ලැබු අලි පැටවකු ලඟ තබා ගැනීම ඒ සඳහා අධාර අනුබලදීම ඇතු`ථ චෝදනා 25ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරා ඇත.


විත්තිකරුවන්ට එරෙහි චෝදනා ඔප්පු කිරීම සඳහා පැමිණිල්ල වෙනුවෙන් සාක්කිකරුවන් 25 දෙනෙකු හා ලේඛණ 8ක් ඉදිරිපත් කිරීමට අපේක්‍ෂා කරන බව නීතීපතිවරයා අධිකරණයට දැනුම් දී ඇත.


වනජීවී ඇමැති වසන්ත සේනානායක මහතා විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කරන ලදී.


වැඩතහනමකට ලක්වී සිටින හිටපු මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට අමතරව මෙලෙස චෝදනා ලැබ සිටින්නේ අලියාගේ හිමිකරු බව කියන චන්ද්‍රරත්න යටවර, වනජීවී දෙපාර්තමෙන්තුවේ අලි ඇතුන් ලියාපදිංචි අංශය බාරව සිටි ලිපිකාරිණීයක වන එච්. ප්‍රියංකා සංජීවනී, වනජීවී දෙපාර්තමෙන්තුවේ සහකාර අධ්‍යක්‍ෂ (නීතී) පැස්කුවල් ෆොන්සේකාලාගේ උපාලි පද්මසිරි නමැත්තන්ය.

මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී පළමු විත්තිකරු වන චන්ද්‍රරත්න යටවර නමැත්තාගේ ඇපකරු අධිකරණය හමුවේ පෙනී සිටිමින් චන්ද්‍රරත්න යටවර නමැත්තා රෝගීව ජයවර්ධනපුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන හෙයින් අද දින අධිකරණයට පැමිණීමට නොහැකි වු බව දැනුම් දුන්නේය.



අදහස් (0)

තිළිණ ගමගේ නඩුවේ වැඩිදුර විභාගය කල් යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 366 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1011 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site