(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

මෙහොත්තුවාරම මුහුදු තිරයේ  බලපත්‍ර නොමැතිව ධිවර කටයුතු වලට යොදා ගත් ලක්ෂ 15 කට අධික වටිනාකමකින් යුත් සුරුක්කු දැලක් සහ ධීවරයින් 5ක්  නාවික හමුදා නිළධාරින් බාරයට ගෙන  තිබේ.

අනතුරුව ඔවුන් පුත්තලම සහකාර ධිවර අධ්‍යක්ෂ කාර්යාලයට ඉදිරි පරික්ෂණ සදහා බාර දුන් බව නාවික හමුදාව කියයි.

ධිවර නිළධාරින් පවසන්නේ මුහුදට දැවැන්ත හානියක් වන මෙම සුරුක්කු දැල යොදා ගනිමින් මසුන් මැරිම සදහා ධිවර දෙපාර්තුමේන්තුව බලපත්‍ර ලබා නොදෙන බවයි.

එසේ බලපත්‍ර නොමැතිව මසුන් මරමින් සිටියදි කල්පිටිය විජය නාවික හමුදා කදවුරේ නිළධාරින් විසින් සුරුක්කු දැල යොදා ගනිමින් මසුන් මරමින් සිටි ධිවරයින් පස් දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇත.

අත් අඩංගුවට ගත් ධිවරයින් පස් දෙනා හා සුරුක්කු දැල පුත්තලම අධිකරණයට අද( 23) ඉදිරිපත් කරන බව පුත්තලම සහකාර ධිවර අධ්‍යක්ෂ සුමින්ද ප්‍රභාත් වික්‍රමආරච්චි මහතා පවසයි.

මේ සම්බන්ධව පුත්තලම ධිවර අධ්‍යක්ෂ කාර්යාලයේ ධිවර නිළධාරින් වන සුසාන් තිවංක, උපුල් සංජීව, සංකල්ප ගුරුසිංහ යන නිළධාරින් එක්ව සිටිති.