(යොහාන් භාසුර)

පරිසරය දූෂණය වැලැක්වීමේ පියවරක් ලෙස ලබන අගෝස්තු 1 වැනිදා සිට තහනම් කර ඇති පොලිතින් ලන්ච්ෂීට් නිපදවන, බෙදාහරින සහ අළෙවි කරන පුද්ගලයන්ට පනවන දඩ මුදල රුපියල් ලක්‍ෂ දක්වා ඉහළ දැමීමට පරිසර අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

තහනම් පොලිතින් ලන්ච්ෂීට් නිපදවන, බෙදාහරින සහ අළෙවි කරන්නන්ට එරෙහිව වර්තමානයේ පැනවිය හැකි උපරිම දඩය රුපියල් 10000 ක් බවත් එම දඩය දස ගුණයකින් වැඩි කළ බවත් පරිසර අමාත්‍යංශය පවසයි.

පොලිතින් ලන්ච්ෂීට් නිපදවන සමාගම් අටට මාසයක සහන කාලයක් ලබාදී ඇති අතර මධ්‍යම පරිසර අධිකාරිය, පාරිභෝගික ආරක්‍ෂණ ආධිකාරිය ඇතුළු ආයතන හරහා පොලිතින් ලන්ච්ෂීට් නිපදවන සහ අළෙවිකරන ආයතන නියාමන කරන බවත් පරිසර අමාත්‍යංශය කියයි.