IMG-LOGO

2025 පෙබරවාරි මස 06 වන බ්‍රහස්පතින්දා


තිස්ස කුට්ටිආරච්චි මාස 6 ක මන්ත්‍රී වැටුප පරිත්‍යාග කරයි

(යොහාන් භාසුර)

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා සිය ඉදිරි මාස හයක පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප බදුල්ල දිස්ත්‍රික් ජනතාවට පරිත්‍යාග කිරීමට තීරණය කර තිබේ.

ලබන ජනවාරි 18 වැනිදා පාර්ලිමේන්තුවේ සැසිවාරය ආරම්භ වීමෙන් පසුව සිය මාස හයක වැටුප බදුල්ල දිස්ත්‍රික් දුක්විදින ජනතාවගේ ප්‍රයෝජනයට ගැනීම සඳහා බදුල්ල දිස්ත්‍රික් කාර්යාලයට යොමු කරන ලෙස පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට දැනුම් දෙන බව කී මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 ගේම මාස හයක වැටුප රාජ්‍ය භාණ්ඩාගාරයට යවන්න හැකියාව තිබේ නම් ආර්ථික අපහසුතාවට පත්ව තිබෙන මේ අවස්ථාවේදී අවවාදයට වඩා එය ආදර්ශයක් යැයි ප්‍රදර්ශනය කළ හැකි බව ද සඳහන් කළේය.

 



අදහස් (12)

තිස්ස කුට්ටිආරච්චි මාස 6 ක මන්ත්‍රී වැටුප පරිත්‍යාග කරයි

ගජමිතුරු Friday, 24 December 2021 01:18 PM

කුට්ටියා කියන්නේ මාස 06ක වැටුප් මිනිහාගේම දිස්ත්‍රික් කාර්යාලයට යවන්න කියලයි. ඒ කියන්නේ අතට නොගෙන ගෙදරට යවන්න කියනවා වගේමයි..

:       0       23

ravin Friday, 24 December 2021 01:51 PM

ආ..! හොඳ කුට්ටියක් කඩාගෙන වගේ.. ආයේ පාරක් දෙන්න..

:       0       24

Pradeep Friday, 24 December 2021 02:12 PM

අලියෙක් අරන් කූඹියෙක් දෙනවා වගේ.. මේ ගොල්ලෝ හිතන්නේ පොදු ජනතාව ඉතාම මෝඩ ජාතියක් කියලා..

:       0       33

sunil Friday, 24 December 2021 02:29 PM

මෙයා කියන කරන මොනම දෙයක්වත් අපි ගණන් ගන්නේ නැහැ..

:       0       29

Amara Friday, 24 December 2021 02:50 PM

වැටුප ඔයා ගන්න. අරන් කාලා බීලා ඉන්න. ඔය දීමනා, අනෙක් වියදම් කරලා පෙන්වන්න. වාහන පර්මිට් එක ආපහු දෙන්න.. ගොඩාක් දේවල් තියෙනවනේ කරන්න.

:       0       32

upali Friday, 24 December 2021 03:07 PM

බොරු ෂෝ විතරයි...

:       0       25

Kumara Friday, 24 December 2021 03:54 PM

මෙයාට ඇත්තටම වයර් මාරු වෙලාද?

:       0       22

Sanjeewa Friday, 24 December 2021 04:15 PM

ඊයේ රෑ හෝටලේක කෑමට ගිය ඇමතියෙකුට මිනිස්සු ගහන්න ගියා කියලා ආරංචියි. දැන් මිනිස්සු රවටන්න පොඩි ශෝ එකක් දානවා...

:       0       19

ලලිත් අම්බලන්ගොඩ Friday, 24 December 2021 04:17 PM

කට නම් නරක එකා තමයි. ඒත් හොඳ දේට හොඳ කියන්න එපායැ. ඔබට පුලුවන් නම් ලක්ෂ 50ක වාහනයකින් සතුටු වෙන්න. පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ඒක පාර්ලිමේන්තුවට ඉදිරිිපත් කරන්න. අනික කෑම පැකට් එකට සාධාරණ මුදලක් දෙන්න. අඩුම තරමින් රුපියල් 300ක් වත්.... ඒ දෙක කළොත් ඔබේ වාචාලකමට සමාව දෙන්න පුළුවන්....

:       2       9

Pradeep Friday, 24 December 2021 05:12 PM

අලුත් ප්‍රාඩෝ ජීප් එක වෙනුවට මාස 06ක පඩි.. මරු ඩීල් එකනේ...

:       0       19

ගමේ එකාලා Friday, 24 December 2021 07:08 PM

හීන් නූලෙන් ගහපු මාටියාවල හැටියට මාස හයේ වැටුප් මහ ලොකු කජ්ජක්ද?

:       0       1

Demuni Uduwara Friday, 24 December 2021 07:17 PM

කෙසේවෙතත්, ඔබට ව්‍යවස්ථාදායකය නොගැලපෙන බවයි පේන්නේ..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 

දියත

ක්‍රිෂ් ගොඩනැගිල්ලේ ගින්නක්
2025 පෙබරවාරි මස 06 389 0

කොළඹ කොටුවේ ක්‍රිෂ් ගොඩනැඟිල්ලේ ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය කියයි.


ලසන්තගේ දියණියගෙන් අගමැතිට ලිපියක්
2025 පෙබරවාරි මස 06 416 1

සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් විභාග වන නඩු කටයුත්තේදී නීතිපති ජනාධිපති නීතිඥ කේ. ඒ. පාරින්ද රණසිංහ මහතා ක්‍ර


මන්නාරම සුළං විදුලි බලාගාරය හේලීස් ෆෙන්ටන් සමාගමට
2025 පෙබරවාරි මස 06 949 1

මෙගා වොට් 50 ක මන්නාරම් සුළං විදුලි බලාගාරය ඉදිකිරිම සඳහා වන කොන්ත්‍රාත්තුව හේලීස් ෆෙන්ටන් සමාගමට පිරිනැමීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත.


වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරීහු කොටුවේ විරෝධයක
2025 පෙබරවාරි මස 06 7 0

පෞද්ගලික වෛද්‍ය පීඨ ඉදිකිරීම ඇතුලු අධ්‍යාපනය පෞද්ගළිකරණය කිරීමට විරෝධය පළකරමින් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදි


ජනපති නීතිපති කැඳවයි
2025 පෙබරවාරි මස 06 1996 2

ලසන්ත වික්‍රමතුංග ඝාතන පරීක්ෂණ සම්බන්ධයෙන් රටේ ඇතිවී තිබෙන කතා බහ සම්බන්ධයෙන් විමසීමට ජනාධිපති අනුර දිසානායක මහතා විසින් නීතිපතිවරයා සහ අදාල රහස් ප


ගිරිඋල්ල පොලිසියේ ලොක්කෝ දෙකක් රිමාන්ඩ්
2025 පෙබරවාරි මස 06 1005 1

දැව ලොරියක් වෙනුවෙන් කූට ලේඛන සැකසුවැයි සැකපිට අත්අඩංගුවට ගත් ගිරිඋල්ල පොලිස් ස්ථානාධිපතිවරයා හා අපරාධ විමර්ශන ස්ථානාධිපති වරයා එළැඹෙන 10 තෙක් රිමාන


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 96 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 800 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 751 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site