IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


තිස්ස අත්තනායකගේ නඩුව ගොඩින් බේරාගන්න කල් දෙයි

(මනෝප්‍රිය ගුණසේකර)
 
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර ගිවිසුමක් ඇති බවට කූඨ ලෙස සකස් කළ ලියවිල්ලක් මාධ්‍ය වෙත ඉදිරිපත් කළ බවට චෝදනා ලැබ සිටින එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහි නඩුව සමථයකට පත්කරගැනීම පිළිබඳව සාකච්ඡා කර ලබන මාර්තු මස 25 වැනිදා අධිකරණයට දැනුම් දෙන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (12) දැනුම් දුන්නේය.
 
 මෙම නඩුව සමථයකට පත්කර ගැනීම සඳහා දෙපාර්ශ්වය සාකච්ඡා කර ඇති බව කියමින් තිස්ස අත්තනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතාද පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතාද කළ දැනුම්දීම් සැලකිල්ලට ගනිමින් විනිසුරුවරයා එලෙස නියම කළේය.
 
මෙම නඩුවේ පැමිණිල්ලේ ප්‍රධාන සාක්කිකරුවන් වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සාක්කීදීම සඳහා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් පස්වැනි වතාවටත් සිතාසි නිකුත් කොට තිබුණත් ඔවුන් දෙදෙනා හයවැනි දිනයේද අධිකරණයට පැමිණ සිටියේ නැත.
 
 
2014 දෙසැම්බර් මස 31 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹදී රනිල් වික්‍රමසිංහ මහතා සහ මෛත්‍රීපාල සිරිසේන මහතා අතර ගිවිසුමක් ඇති බවට පසුගිය ජනාධිපතිවරණයට ආසන්න අවස්ථාවේ පවසමින් කූඨ ලෙස සකස් කළ ලියවිල්ලක් මාධ්‍ය වෙත ඉදිරිපත් කිරීමෙන් එවර ජනාධිපතිවරණයේ අපේක්‍ෂකයෙකු වු මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ ප්‍රතිඵලයට බලපෑ හැකි ආකාරයට කටයුතු කළ බවද එමගින් දඬුවම් ලැබිය හැකි වරදක් සිදු කර ඇති බවද නීතීපතිවරයා විසින් විත්තිකාර තිස්ස අත්තනායක මහතාට  එරෙහිව  ඉදිරිපත්  කොට ඇති නඩුවේ සඳහන් කොට ඇත.
 

විත්තිකරුට එරෙහිව ඉදිරිපත් කොට ඇති චෝදනා තුන දණ්ඩ නීතී සංග්‍රහය යටතේ සහ සිවිල් හා දේශපාලනඥයින් අතර ජාත්‍යන්තර සම්මුති පණත යටතේ දඬුවම් ලැබිය හැකි වැරදි සිදු කර ඇති බවද නඩු ගොනුවේ සඳහන් වේ.



අදහස් (9)

තිස්ස අත්තනායකගේ නඩුව ගොඩින් බේරාගන්න කල් දෙයි

Amila Tuesday, 12 February 2019 11:49 AM

සමතයකයකට පත්වෙන්න අර දෙන්නා කැමතියි කියන්නේ එහෙම ගිවිසුමක් තිබිලා කියන එක නේද. ඒක වෙන්න ඇති නඩුවට පස් වතාවක්ම එන්නේ නැතිව අර දෙන්නා මග අරින්න ඇත්තෙත් ?

:       2       232

RaveendraTuesday, 12 February 2019 01:14 PM

අමිල මයා වෙත, ඇත්තෙන්ම ඔබගේ නිරීක්ෂණයන් අප අගය කරන්නෙමු.

:       0       0

Hafeel Tuesday, 12 February 2019 11:50 AM

ඔයාලා සේරම එකම පන්තියනේ.

:       0       1

Nandalal DE SILVA - France Tuesday, 12 February 2019 11:53 AM

ගොඩින් බේරාගන්නවා කියන්නේ හොරකමක් වංචාවක් කරපු එකෙක් එය කරා කියා ලැජ්ජා නැතිව අධිකරණයක් ඉදිරියේ පිළිගන්නා එක නේද?

:       0       1

කසුන් Tuesday, 12 February 2019 01:16 PM

අමිල, මේක අපි ඔයාල වගේ අයට වුනානම් පවුල පිටින්ම උසාවි නග්ගලා! කව්ද කියන්නේ අපේ අධිකරණය පක්ෂපාති කියල ?

:       0       0

Sriyal Tuesday, 12 February 2019 01:22 PM

ගොඩින් බේරගන්න යන්නේ මෙච්චර දගලලා. බොරු චෝදනා වෙන්න ඇති

:       0       1

Hafeel Tuesday, 12 February 2019 01:31 PM

තිස්ස දැන් හරි ඇත්ත කියන්නකෝ එහෙ ම ගිවිසුමක් තිබුනද කියල.

:       0       2

Hafeel Tuesday, 12 February 2019 01:51 PM

සාමාන්‍යයෙන් එක්වතාවක් හෝ අධිකරණය මග හැරියොත්, වරෙන්තු නිකුත් කරනවා. මෙතන පස් වතාවත් අධිකරණය මග හැරිලත් සිතාසි නිකුත් වෙලා නැහැ. එහෙමනං මේ දෙදෙනා රටේ නීතියෙන් නිදහස් වෙලාද? මේ දෙදෙනාට රටේ නීති වලංගු නැද්ද?

:       0       5

sirimal Tuesday, 12 February 2019 02:12 PM

ඔය කීවට ජනාධිපතිතුමා ඔය නඩුව කෙටි පාරකින් ඉවරක් කර ගන්න කැමැත්ත දීලා නැහැ නේද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 45 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 152 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1006 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site