තරිඳු ජයවර්ධන
විද්‍යා දැරිය ඝාතනය සහ ජනමාධ්‍ය වේදීන්ට හිරිහැර කිරීම ඇතුළු විමර්ශන ගණනාවක් සිදුකරමික් සිටි සහකාර පොලිස් අධිකාරී බී.එස් තිසේරා මහතා වහාම ක්‍රියාත්මත වන පරිදි පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයට ස්ථාන මාරු කර තිබේ.
ඊට අදාල පොලිස් නිවේදනය වැඩ බලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා අද උදේ නිකුත් කළේය. පොලිස් කොමිසමේ සහ මැතිවරණ කොමිසමේ ආවරණ අනුමැතියට යටත්ව මෙම මාරුව සිදු කරන බව එම විශේෂ පොලිස් පණිවිඩයේ සඳහන් වේ.
රතුපස්වල පිරිසිදු පානීය ජලය ඉල්ලූ ජනතාවට වෙඩි තැබීම සම්බන්ධයෙන් විමර්ශන මොහයවූයේද, ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීම, මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් වධහිංසා කිරීම, රිවිර හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන් මහතාට පහරදීම ඇතුළු සිද්ධි ගණනාවක විමර්ශන මෙහෙයවූයේද තිසේරා මහතාය.
රතුපස්වල ඝාතන සම්බන්ධයෙන් යුද හමුදාවේ හතර දෙනෙකුට එරෙහිව මේ වන විට මහාධිකරණයේ නඩු පවරා තිබේ.
COMMENTS
වෙනස සැපද?
වැඩි අදහස් අනවශ්‍යයි. ආණ්ඩු පෙරළියේ වික්‍රමය.
ඉහත විමර්ශන ගැන බලපුවාම, කියන්න තියෙන්නේ කිසිම වැදගැම්මකට නැති දේශපාලන වුවමනාවට සැරෙන් සැරේ උඩට ඇදලා ගන්න රටේ ජනතාවගේ මුදල් නාස්ති කරන විමර්ශන කියලයි. ඉහත සියලුම විමර්ශන රටේ නීතිය හෑල්ලුවට ලක් කිරීමක්... දැන් මේ විමර්ශනවලට අවුරුදු කීයක්ද? නටපු නැටුමකුත් නෑ, බෙරේ පලුවකුත් නෑ.
ඔව් ඔව් මෙව්වා තමයි ඉස්සරවෙලාම කරන්න ඕනෑ. පාර ක්ලියර් කරගත්තම යන එකනේ තියෙන්නේ... කොඩි වනන බලකායත්, කහ සිවුරු හෙවත් සංඝ බලකායත් තිබෙන තුරු කවුද බය..?
නව ජනාධිපති පත්වී සති 2ක් පමණක් ගතවී ඇත.
ඒ විතරද, දොස්තර ෂාෆි බේරගන්න අධිකරණයේ හඬමින් ඇප ඉල්ලා සිටියේ කව්ද?
දැන් ඔය තිසේරා මහත්තයා පහුගිය අවුරුදු පහේම ඔය සිද්ධි සම්බන්ධයෙන් ගත්තු පියවර මොකද්ද? එයා මේ වෙනකන් කිසිඳු පුද්ගලයෙක් ඒ සම්බන්ධයෙන් වැරදි කාරයෙක් කරන මට්ටමට ඒවා මෙහෙයවා නැත්තම් ඔහුට එතන ජීවිත කාලෙම ඉන්න දෙන්න ඕනෑ කියලා නියමයක් නැහැ.
ඔව් ඔව් මෙවගේ අය සේරම හොයලා මාරුකරලා දාන්න. පඩි ගෙව්වට රටට වැඩක් නැහැ.
දැන් සැප ලැබෙමින් පවතී. භුක්ති විඳින්න සූදානම් වන්න.
දැතිරෝදය හරියටම කැරකෙනවා..
මහ පොලොව නුහුලන අපරාධ ඇයි හොයන්නේ...? නව ජනපති දිනේවා! අපි අඬන දවස වැඩි ඈතක නෙමේ මිතුරනි.
කන්දෙපොල, මිනිසුන්ගේ ජීවිත විහිලුවකට ගන්න ඔයාලා වගේ අය ගැන ඇතිවෙන්නේ පිළිකුලක්. ඇස් පනාපිට පේන මේ අපරාධ විහිලුවට ගන්න ඔබ වැනි පව්කාරයින් ඉන්නතුරු මේ රට අපායක් වීම අරුමයක් නොවේ.
රණවිරුවන් සිරගත කළ අය අපට එපා.. ගෝඨාභය සර් අපට විශ්වාසයි, මේවා යහපාලන ආණ්ඩුවේ බළල් අත් පොලිසියේ අය ඉවත් කළ යුතුමයි. එතකොටවත් ඉස්සරහට රණවිරුවන්ට ආණ්ඩුවට අත තියන්න බය වේවි...!!!
රනිල්, මෛත්‍රී මේ තත්වයට වගකිව යුතුය.