(නිමන්ති රණසිංහ)
අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ජාතික තව්හීත් ජමාත් සංවිධානයේ කොළඹ නායක මොහොමඩ් පවාස් රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද(15) නියෝග කළාය.
මෙම සැකකරු සම්බන්ධයෙන් ඇප ලබාදීමට විරුද්ධත්වයක් නැතැයි නීතිපතිවරයා කළ දැනුම්දීමකට අනුව එම ඇප ලබාදෙන ලෙසට කෙසෙල්වත්ත පොලිසිය කළ ඉල්ලීම සැලකිල්ලට ගත් මහේස්ත්රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.