IMG-LOGO

2025 නොවැම්බර් මස 27 වන බ්‍රහස්පතින්දා


තෙවන කාර්තුවේ ආර්ථික සෘණ වෙයි

(චමින්ද මුණසිංහ)

ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2021 වසරේ තුන්වැනි කර්තුවේදී  සෘණ සියයට 1.5ක වර්ධනයක් පෙන්නුම් කර ඇතැයි ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම දෙපාර්තමේන්තුව මේ බව අනාවරණය කර ඇත්තේ 2021 වසරේ තෙවැනි කාර්තුවට අදාළ ජාතික ගිණුම් ඇස්තමේන්තු නිවේදනය කරමිනි.

2021 වසරේ තුන්වැනි කර්තුව සඳහා ස්ථාවර මිල ගණන් යටතේ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් මිල්යන 2,497,489 දක්වා පහළ ගොස් ඇති අතර එය 2020 වසර් තුන්වැනි කර්තුවේදී රුපියල් මිලියන 2,536,490 ලෙස වාර්ති වී තිබූ බව ද ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපර්තමේන්තුව සඳහන් කරයි.

ආර්ථිකයට ප්‍රධාන වශයෙන්  දායකත්වය ලබාදෙන ප්‍රධාන සංරචකව  කෘෂ්කර්මය, කර්මාන්ත, සහ සේවා යන අංශ පවත්නා මිල ගණන් යටතේ මෙරට දළ දේශීය නිෂ්පාදිතයට දක්වනු ලබන දායකත්වය පිළිවෙළින්  සියයට 8.7ක්, සියයට 29.9ක් සහ සියයට 57.4ක් ලෙස සටහන්ව ඇතැයි ද සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. ‘‘භාණ්ඩ මත අය කෙරෙන සහනාධාර අඩු කළ බදු“ සංරචකය 2021 තුන්වැනි කර්තුවේදී දළ දේශීය නිෂ්පාදිතයට සියයට 4.1ක දායකත්වයක් ලබාදී ඇතැයි ද සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එමෙන්ම 2021 වසරේ තුන්වැනි කර්තුවේදී සමස්ථයක් ලෙස කෘෂිකර්මික කටයුතු සියයට 1.7ක මන්දගාමී වර්ධනයක් වාර්තා කර තිබෙන බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම කර්තුවේදී සමස්ත කර්මාන්ත ආර්ථික කටයුතු සියයට 2.1 ක පසු බෑමක් වාර්තා කර තිබේ.සමස්ත සේවා අංශයේ වර්ධනය ද මෙම කාර්තුවේදී සියයට 1.6කින් පහත වැටී ඇති බව ද සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පෙන්නා දෙයි.



අදහස් (1)

තෙවන කාර්තුවේ ආර්ථික සෘණ වෙයි

wahaldeepe Thursday, 16 December 2021 06:35 PM

අව්ලක් නෑ සෘණ සියයට 1.5ක " වර්ධනයක් " නෙ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 141 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 222 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1080 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site