(යොහාන් භාසුර)
පාරිභෝගික කටයුතු අධිකාරියේ සීනි ගබඩා වැටලීමේ මෙහෙයුම යටතේ අද (30) පෙරවරුවේ වත්තල, කෙරවලපිටිය ප්‍රදේශයේ පිහිටි සීනි ටොන් 4100 ක් ගබඩා කර තිබූ ගබඩාවට මුද්‍රා තැබූ බව පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.
මෙම ගබඩාව නීතිවිරෝධී ගබඩාවක් ද නැද්ද යන්න සනාථ කළ හැකි ලියකිවිලි පාරිභෝගික කටයුතු අධිකාරියට ඉදිරිපත් කරන ලෙස එම ගබඩාවේ හිමිකරුවන්ට දැනුම් දුන් බව කී රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ලියකියවිලි පරීක්‍ෂා කරන තුරු සීනි තොගය පිළිබඳ ඉදිරි ආධිකරණ ක්‍රියාමාර්ගවලට එළඹිය නොහැකි බව සඳහන් කළේය.
බස්නාහිර පළාතේ පිහිටි සීනි ගබඩා අඛණ්ඩව පරීක්‍ෂා කරන බවත් පාරිභෝගිකයන්ට සාධාරණය ඉටු කිරීමට වගකීමෙන් කිසිඳු අවස්ථාවක බැහැර නොවන බවත් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා වැඩි දුරටත් පැවසීය.
COMMENTS
අල්ලපු අයට නමක් නැද්ද? අල්ලනවා විතරයි. මල්වානේ ගෙදර වගේ ඕවාට අයිතිකාරයින් නැද්ද?
ලියකියවිලි පරීක්‍ෂා කරනතුරු සීනි තොගය පිළිබඳ ඉදිරි අධිකරණ ක්‍රියාමාර්ගවලට එළඹිය නොහැකි බව සඳහන් කළේය. පගාව අරගෙන වැඩේ යටගහලා මල්ල කරේ දාගන්න ක්‍රමයක්ද මේ වැටලීම්...?