(අජන්ත කුමාර අගලකඩ)
තවත් පළාත් සභා 4කට ආණ්ඩුකාරවරුන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් හෙට (07) පත්කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව දකුණ, සබරගමුව, ඌව සහ උතුර යන පළාත් සභා 4 සඳහා නව ආණ්ඩුකාරවරුන් ජනාධිපතිවරයා ඉදිරියේ හෙට (07) දිවුරුම් දීමට බොහෝදුරට ඉඩ ඇතැයි එම ආරංචි මාර්ග කියයි. දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස මාර්ෂල් පෙරේරා මහතාද, සබරගමුව ආණ්ඩුකාර ලෙස නිලූකා ඒකනායක මහත්මියද, උතුරු පළාත් ආණ්ඩුකාර ලෙස රෙජිනෝල්ඩ් කුරේ මහතාද, ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ආරිය බී රැකව මහතාද මීට පෙර කටයුතු කළ අතර ජනාධිපතිවරයාගේ දැනුම්දීමක් මත ඔවුහු සිය ධුරවලින් ඉල්ලා අස්වූහ.
පළාත් 9ම ආණ්ඩුකාරවරුන් ජනාධිපතිවරයකුගේ දැනුම්දීම මත ඉල්ලා අස්වීමෙන් පසුව පළාත් සභා 5කට නව ආණ්ඩුකාරවරුන් ජනාධිපතිවරයා විසින් ඉකුත් සිකුරාදා දිනයේ පත්කරනු ලැබීය.
එම පළාත් 5ට ආණ්ඩුකාරවරුන් පත්කිරීමේදී හිටපු ආණ්ඩුකාරවරුන් කිසිවකුත් නැවත පත් නොකිරීමද විශේෂත්වයකි.
ඉතිරි පළාත් සභා 4 සඳහාද ආණ්ඩුකාරවරුන් ලෙස අලුතින්ම පිරිසක් පත්වීමට බොහෝදුරට ඉඩඇති බවද පැවසේ..
2025 දෙසැම්බර් මස 18
679
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
326
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තවත් පළාත් සභා 4කට ආණ්ඩුකාරවරුන් පත්කිරීමට ජනපති නියෝග
පිටිගල මිලානෝ Sunday, 06 January 2019 04:52 PM
නඩුව ඔප්පු වුනොත් අංගොඩ තමයි නවතින්න වෙන්නේ.
සීවක හිමි Monday, 07 January 2019 01:49 AM
කවුරු පත් කලත් අවසානෙ ඔක්කොම පොහොට්ටුවෙ ජනපතිට හුලං
ajith Monday, 07 January 2019 01:59 PM
මෛත්‍රී ගුණරත්න, අසාද් සාලි වගේ රනිල්ට පුළුවන් තරම් අපහාස කළා නම් ආණ්ඩු කාරකමක් ෂුවර්. එ්කට ලබා ගන්න තිබුණා...