(රංජන් කස්තුරි)
ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා තවත් අපේක්ෂකයෝ සිව්දෙනෙක් අද(30) මැතිවරණ කොමිසමට මුදල් තැන්පත් කළහ.
නව සමසමාජ පක්ෂය වෙනුවෙන් බැද්දේගමගේ නන්දිමිත්‍ර, සමාජවාදී සමානතා පක්ෂයේ වජිරපානී විජේසිරිවර්ධන, නව සිහළ උරුමය වෙනුවෙන් සරත් මනමේන්ද්‍ර සහ ජාතික සංවර්ධන පෙරමුණ වෙනුවෙන් රොහාන් පල්ලෙවත්ත යන මහත්වරුන් එලෙස ඇප මුදල් තැන්පත් කර ඇත.
ඒ අනුව මේ වනවිට පිළිගත් දේශපාලන පක්ෂ 9ක් සහ ස්වාධීන අපේක්ෂකයන් 4දෙනෙකු ලෙස මුළු අපේක්ෂකයින් 13දෙනෙකු ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා ඇප මුදල් තැන්පත් කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් මැතිසඳ... අනුර, සජිත්, මහේෂ් හැරෙන්නට ඔබ ජනාධිපතිවරණයට ඉදිපත් කරන තවත් අපේක්ෂකයෝ සිටීද?
සිංහල ඡන්ද කඩලා ඒකේ වාසිය කාටද අරන් දෙන්න හදන්නේ...?
මේ රටේ මිනිස්සු ඔලුව පාවිච්චි කරලා මේපාර ඡන්දෙ නොදුන්නොත් මේ රට යන තැන ගැන හිතන්නවත් බැහැ. වැඩිමනත් ඕන නැහැ බංගලාදේශේ කියන්නේ මොන රටක්ද ? එකේ පුරෝකථනය කල ආර්ථීක වර්ධන වේගය 4.5% මෙහෙ 2% යි ! මේක සිංගප්පූරුවක් කරන්න නොව හිටියේ සිංගප්පුරු අගමැති ඒ රට දියුණු කරන්න ඉස්සර, මෙහාට ආපු වෙලාවක තමයි ජීවිතේ ඉස්ස්සෙල්ලම දුවන පඩිපෙලක් එලිවෙටරයක් දැකල තියෙන්නේ.. එතකොට එහෙවත් ඒවා නැහැ .ඉතින් අද සිංගප්පූරුව කොහෙද ? අපි කොහෙද ?
දුම්රිය වර්ජන, ගුරුවර්ජන හා සෞඛ්‍ය වර්ජන නවතා දැමීම සදහා ජනාධිපතිවරණයට තරග කරනා කෙනාට අපගේ මනාපය. මේවා වපුරවන්නන් පලවා හරිමු !