(නිමන්ති රණසිංහ)
ලංකා ඛණිජ තෙල් නිතිගත සංස්ථා පරිශ‍්‍රය තුළට අයුතු ඇතුළුව පුද්ගලයකුට පහරදී තුවාල සිදුකළැයි කියන සිද්ධියට අදාළව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සම්බන්ධයෙන් ගන්නා ඉදිරි පියවර පිළිබඳව නිතිපතිවරයාගෙන් උපදෙස් ලබාගෙන අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (01) කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝග කළාය.
සිද්ධියට සම්බන්ධයෙන් පැමිණීලිකරු වෙත කිසිවකුට හෝ පහරදීමකට අදාළ කිසිවක් සී සී ටී වී දර්ශනවල සටහන් නොවන බවත් බහින් බස් වීමක් පමණක් දර්ශනය වන බවත් කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණය වෙත කළ දැනුම් දිම මත සැකකාර අමාත්‍යවරයා සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැන එලෙස කරුණු වාර්තා කරන ලෙසට අධිකරණය කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝග කළේය.
මෙම සිද්ධියට අදාළ මහේස්ත‍්‍රාත් පරීක්ෂණය අද (1) අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී වැඩිදුර වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කරමින් කොළඹ අපරාධ කොට්ඨාසය එලෙස සඳහන් කළ අතර, ඇප මත සිටිමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය.
කොළඹ නාගරික මන්ත්‍රී කුලතිස්ස ගීකියනගේ මහතාගේ පැමිණිල්ලකට අනුව කොළඹ අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගත් හිටපු ඛණිජ තෙල් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබුණේ ඉකුත් නොවැම්බර් 29 වැනිදාය.
2025 නොවැම්බර් මස 04
382
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2168
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1648
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තෙල් සංස්ථා සිද්ධියට ඇමැති අර්ජුන ගැන ගන්නා පියවර දන්වන්න නියෝග
Sanath Kandy Saturday, 02 February 2019 06:26 AM
අර්ජුන ඇමතිතුමනි, ශ්‍රීලංකා ක්‍රිකට් ක්‍රීඩාව ගොඩගැනීමට වහා මැදිහත් වෙන්න. කණ්ඩායම තෝරන විදිහ හරිම ලැජ්ජා සහගතයි. කුසල් මෙන්ඩිස් දිගටම අසාර්ථක වෙද්දී ඔහුව ඉවත් නොකරන්නේ ඇයි? කණ්ඩායමේ ඔහුගේ ස්ථානය ස්ථිරවම වෙන්කර දී අනිත් දහදෙනා විතරක් තෝරන බවයි පේන්නේ...