IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


තෙල් සංස්ථා වෙඩි තැබීමේ සිද්ධියේ සැරයන් 15 දක්වා රිමාන්ඩ්

(ඉන්දිකා රාමනායක)

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා පරිශ්‍රයට ඇතුළු වී නීති විරෝධී රැස්වීමක සාමාජිකයින් වෙමින් ගිනි අවියකින් වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම සහ තවත්  දෙදෙනකුට තුවාල සිදුකර මනුෂ්‍ය ඝාතනයකට තැත් කළැයි කියන සිද්ධියට අදාළව හඳුනා ගැනීමේ පෙරට්ටුවක්  සඳහා රිමාන්ඞ් බාරයට පත්කර සිටි   ඇමැති අරක්ෂක අංශයේ පොලිස් සැරයන්වරයා ලබන මස  15 වැනි දින දක්වා රිමාන්ඞ් බාරයට පත්කරන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (12)  නියෝග කළාය.

මෙලෙස රිමාන්ඞ් බාරයට නියම වුයේ ඇමැති ආරක්ෂඅක අංශයේ සේවය කරමින් සිටි කඩුපිටියගේ අරුණ  ශ්‍රිනන්ද  සිල්වා නැමැත්තාය.

කොළඹ අපරාධ කොට්ඨාසය  විසින් අත්අඩංගුවට ගත්  සැකකාර සැරයන් ඉකුත්  29 දින හඳුනා ගැනීමේ  පෙරට්ටුවක්  සඳහා  අධිකරණයට  ඉදිරිපත් කිරීමෙන් පසු  අද දක්වා රිමාන්ඞ් බාරයට පත්කර තිබුණි.

මෙම හඳුනා ගැනීමේ පෙරට්ටුව අද කැඳවූ අවස්ථාවේ කොළඹ අපරාධ කොට්ඨාසය සාක්කිකරුවන් තිදෙනකු අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර  එම සාක්කිකරුවන් තිදෙනා අතරින් දෙදෙනකු  සැකකාර සැරයන්වරයා පෙරට්ටුවේ දී හඳුනාගත්හ.

කොළඹ අපරාධ කොට්ඨාසයේ  හඳුනාගැනීමේ පෙරට්ටුව සඳහා සාක්කිකරුවන් සිව් දෙනකු නම්කර තිබුණද සිද්ධියේ වෙඩි වැදී තුවාල ලැබූ  එක් සාක්කිකරුවකු අද අධිකරණය හමුවේ  පෙනී නොසිටියේය.

සිද්ධියේ කැඳවීම මෙම මස 15 වැනි දිනට නියමවූ අතර එදිනට  මියගිය අයගේ  මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණය පැවැත්වීමටද  නියම කෙරිණි.



අදහස් (4)

තෙල් සංස්ථා වෙඩි තැබීමේ සිද්ධියේ සැරයන් 15 දක්වා රිමාන්ඩ්

Amila Monday, 12 November 2018 02:51 PM

එතකොට කෝ අර බැට් එකක් අරන් ගියපු සහ මැරයෝ කට්ටිය. එක්‌කෙනෙක් අත්අඩන්ගුවට ගත්තද ? නීතිය මෙයලාට ඔන විදියත් නැව්වා නේද !

:       2       253

අජිත් Tuesday, 13 November 2018 06:16 AM

ඇප නොදී මරණ දණ්ඩනය තෙක් රදවා තැබිය යුතුය. මෙවුන් තමයි දේශපාලන පිළිල

:       0       0

sandy123 Tuesday, 13 November 2018 07:36 AM

දුමින්ද සිල්වාව එළියට ගමු නේද?

:       0       0

isurandi Tuesday, 13 November 2018 08:23 AM

කොහොමත් සොක්කෝ තමයි අන්තිමට පරිප්පු කන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 564 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 493 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 421 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site