IMG-LOGO

2025 නොවැම්බර් මස 19 වන බදාදා


’’තෙල් සංස්ථාව පෞද්ගලීකරණය කරන්නේ නෑ ’’

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ දේපළ  කිසිවිටෙකත් පෞද්ගලීකරණය කරන්නේ නැතැයි බලශක්තිය අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේ දී අද  (7) පැවැසීය .

එසේම ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ දේපළ  බදු දෙන්නේද නැතැයි පැවසූ ඇමැතිවරයා  එසේ කිරීමට තමාකිසිවිටෙකත් ඉඩ නොදෙන බවද  පැවසුවේය.

ඔහු මෙසේ පැවසුවේ සමගි ජන බලවේගයේ  රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේශා විතානගේ මහතා මේ සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි .

මේ මොහොතේදීත් බලශක්ති ඇමති තමා යැයිද  ඔහු කීවේය .

එසේම තෙල් බෙදා හැරීම චීනය  තබා වෙන කිසිම රටකට පැවරීමට තීරණයක් ගෙන නැතැයිද අඩු තරමින් ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක්  හෝ පවත්වා නැතැයිද  අවධාරණය කළේය.

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංවර්ධනය කිරීම සඳහා ඉන්දීය රජය සමග සාකච්ඡා කරගෙන යන බවද බලශක්ති ඇමතිවරයා පැවසීය . 

 

 

 



අදහස් (0)

’’තෙල් සංස්ථාව පෞද්ගලීකරණය කරන්නේ නෑ ’’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 75 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 907 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2530 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site